වර්ෂ 2050 වනවිට ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක් නගරාශ්‍රිතව ජීවත් වනු ඇති බව එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවකින් හෙළි කර තිබේ.
ඉදිරි දශකවලදී ලෝක ජනගහනය වර්ධනයත් සමග මෙගා නගර බිහිවෙමින් නගරාශ්‍රිත පරිසරය කරා ජනතාව ඇදී එන බව එහ වාර්තාවේ පෙන්වා දෙයි.
වර්තමානයේදී ලෝක ජනගහනයෙන් 55%ක් නගරාශ්‍රිතව ජීවත් වන අතර, එය වර්ෂ 2050 වනවිට 68% ඉක්මවා යනු ඇති බව පැවසෙන්නේ අමතර බිලියන 2.5ක ජනතාවක් නගරවෙත සංක්‍රමණය වන බව පුරෝකථනය කරමිනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික හා සමාජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ජනගහන කාර්යාංශය විසින් මෙම නවතම වාර්තාව ඉදිරිපත් කර තිබේ.
එමෙන්ම, මෙම වාර්තාවට අනුව වර්ෂ 2030 දී ලොව පුරා මෙගා නගර 43ක් බිහිවනු ඇති බවත් ඒවායෙහි මිලියන 10කට අධික ජනතාවක් ජීවත් වනු ඇති බවත් කියැවෙයි.