වියට්නාමයේ හැනෝයි නගරය තුළ වර්ෂ 2030 න් පසුව යතුරුපැදි භාවිතය තහනම් කිරීමට සැලසුම් කර තිබේ.
මේ වනවිට හැනෝයි නගරය තුළ මිලියන 5ක පමණ යතුරුපැදිකරුවන් පිරිසක් සිටින අතර, මෙය වියට්නාම සංස්කෘතියේ සුවිශේෂී ප්‍රවාහන මාධ්‍යයක් බවට පත්ව තිබේ.
කෙසේ වෙතත්, හැනෝයි බලධාරීන් පවසන්නේ නගරය තුළ නිරන්තරයෙන් දක්නට ලැබෙන වාහන තදබදය හා වායු දූෂණය අවම කිරීමට මෙම පියවර වඩාත් අත්‍යවශ්‍ය බවයි.
කෙසේ වෙතත්, මීට පිළියමක් ලෙස මේ වනවිට හැනෝයි නගරය තුළ භාවිත වන 12%ක් වන පොදු ප්‍රවාහන සේවා භාවිතය 2030 වනවිට දෙගුණයකින් වැඩි කරන බවද එම නගර බලධාරීන් පවසා තිබේ.
කෙසේ වෙතත්, තවමත් හැනෝයි නගර වැසියන් තුළ පවතින්නේ ඔවුන්ට වඩාත් පහසු ප්‍රවාහන සේවය යතුරුපැදිය බවයි.
නමුත්, මේ වනවිටත් හැනෝයි නගරයේ කිලෝමීටරයක් තුළ යතුරුපැදි 2,500ක් පමණ භාවිත වන බව පර්යේෂණයන්ගෙන් ඔප්පු වී ඇති අතර, නගරයේ පවතින වායු දූෂණ මට්ටමද ඉතා ඉහළ අගයක් ගන්නා බව පර්යේෂණයන් තුළින් සනාථ වී තිබේ.