ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් සිය දේශපාලන පක්ෂය වන ජර්මනියේ ක්රිස්තියානි ප්රජාතන්ත්රවාදී සංගමයේ (CDU) සභාපති ධුරය වෙනුවෙන් දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත නිලවරණයට තරග නොකරන බව දැනුම් දෙයි.
ඇයගේ මෙම තීරණය ප්රකාශයට පත් කර ඇත්තේ, ප්රාදේශීය මැතිවරණවලදී එම පක්ෂය දැඩි පරාජයක් ලැබීමෙන් පසුවය. එම පරාජය පාලක සන්ධානයේ ස්ථාවරත්වයටද බලපා ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, 2000 වසරේ සිට ඇන්ජෙලා මර්කල් ක්රිස්තියානි ප්රජාතන්ත්රවාදී සංගමයේ සභාපති ධුරය දරන අතර එම පක්ෂයේ වැඩිම කලක් සභාපති ධුරය දැරූ නායිකාව ලෙසද ඇය සැලකෙයි.
එමෙන්ම, චාන්සලර්වරිය ලෙස 2005 වසරේ සිට ජර්මනියට නායකත්වය දුන් ඇය 2021 දී එම ධුරයෙන්ද ඉවත්වන බව දැනුම ්දී තිබේ.
2017 සැප්තැම්බර් 24 දින ජර්මනියේ පැවැත්වුණු මහ මැතිවරණයෙන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් සිව්වැනි වරටත් ජර්මනියේ පාලන බලය හිමිකර ගත් අතර, ෆෝබ්ස් සඟරාවට අනුව ලොව ප්රබලතම කාන්තා චරිතය වූයේද ඇයයි.