2020 වසරේ ලෝකයේ ප්රබලතම සුළි කුණාටුව වන ගෝනි පිලිපීනයේ ප්රධාන දිවයින වන ලුසොන් දූපතට දකුණින් රටට ඇතුළුවීම ඊයේ සිදුවූ අතර, කුණාටුවේ බලපෑමෙන් මේ වනවිට පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව සිටියි.
මේ අතර බයිකොල් කලාපයේ ඇල්බේ පළාතේ වූ මයොන් ගිනි කන්දෙන් ගිනිකඳු පාෂාණ හා මඩ ගලායාම හේතුවෙන් නිවාස 300කට පමණ අලාභානි වී ඇති බවද වාර්තා වෙයි.
සමහර වෙරළබඩ නගරවලට කුණාටු සමග ඇති වූ මුහුදු ජලය ගොඩට පැමිණීම නිසා ජලයෙන් යටවී ඇති අතර, අධික වර්ෂාව නිසා ගංවතුර තත්ත්වයන්ට හටගෙන ඇති බව කියයි.
කෙසේ වෙතත් සහන කණ්ඩායම් හා රජයේ මැදිහත්වීමෙන් කුණාටුව පැමිණීමට පෙර ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ගෙනයෑමට හැකිවීමෙන් සිදුවීමට ගිය විපත කළමනාකරණය කරගැනීමට හැකිවී ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.