2019 සඳහා වූ සිම්බාබ්වේ රජය ඉදිරිපත් කළ අයවැය ලේඛනයෙහි රජයේ වියදම් රැසක් කප්පාදු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
සිම්බාබ්වේ මුදල් ඇමති ම්තුලි න්කුබා මෙම අයවැය යෝජනාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළේ, සෞභාග්‍ය සඳහා අල්පේච්ඡතාව ලෙස නම් කරමිනි.
රාජ්‍ය සේවයේ සිටින අනවශ්‍ය සේවකයන් ඉවත් කිරීමත්, රජයේ වැටුප් අඩු කිරීමත් මෙහිදී සිදුව ඇත්ත්, මේ වනවිට සිම්බාබ්වේ රජයේ ආදායම්වලින් 90%ක්ම මෙම රාජ්‍ය සේවක වැටුප් සඳහා වැයවන බැවිනි.
ඒ අනුව, 2019 දී සිම්බාබ්වේහි ආර්ථික වර්ධනය 3.1%ක් ලබාගැනීමට පුරෝකථනය කර ඇති අතර, ඔවුන්ගේ මෙම නව ආර්ථික ප්‍රතිසංස්කරණ සමග 2020 දී එය 7%ක් දක්වා වර්ධනය කරගත හැකි වෙනු ඇතැයි බලාපොරොත්තු වෙයි.