ට්‍රම්ප් නාමය ඇමෙරිකානුවන්ට හුරු පුරුදු නාමයක් වුවත්, ට්රම්ප්චි නාමය ඇමෙරිකානුවන්ට හුරුපුරුදු නාමයක් නොවෙයි.
කෙසේ වෙතත්, චීනයේ ට්රම්ප්චි මෝටර් රථ 2019 වසරේ සිට ඇමෙරිකානු වෙළෙඳ පොළ ජයගැනීම සඳහා සූදානම් වීමත් සමග ට්‍රම්ප් මෙන්ම, ට්රම්ප්චිද ඇමෙරිකානුවන්ට හුරුපුරුදු වනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙම ට්රම්ප්චි නාමය චීන මෝටර් රථ සඳහා ලැබී තිබුණේ වර්ෂ 2010 දී පමණය. එනම්, වත්මන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වනු ඇතැයි කිසිවෙකුවත් සිහිනෙනුදු විශ්වාස නොකළ අවධියකය.
මේ තත්ත්වය තුළ මෙය හිතමතා ඇමෙරිකානු ජනපතිවරයාගේ නමට චීන මෝටර් රථ නාමයක් ඈඳා ගැනීමක් නොවන බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත්, මෙම රථ සඳහා ට්රම්ප්චි නාමය ලැබී තිබීම හරහා මේ වනවිට ඇමෙරිකාව තුළ මෙම මෝටර් රථ ජනප්‍රිය කරවීමේ පහසුවක් මෙන්ම, ට්‍රම්ප් විරෝධී ආකල්ප දරන්නන් හරහා ඊට ප්රතිරෝධයක්ද එල්ල විය හැකි බව වෙළෙඳ පොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
චීනයේ රාජ්‍ය අනුබද්ධිත ව්‍යාපාරයක් වන ජීඒසී සමූහය විසින් ට්රම්ප්චි සන්නාමයෙන් යුතු මෝටර් රථ නිෂ්පාදනය කරන අතර, ඔවුන් තවත් ජාත්‍යන්තර තලයේ මෝටර් රථ සන්නාම කිහිපයක්ම තම කර්මාන්ත ශාලා තුළ නිෂ්පාදනය කරන බව පැවසෙයි.