චීන ජනපති ෂි ජින්පින්ට 2017 වසර යනු වඩාත් සාර්ථක වසරක් වූ අතර, 2018 වසර යනු ඊටත් වඩා සාර්ථක වසරක් වනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය 2004 වසරින් පසුව ප්‍රථම වරට චීන ව්‍යවස්ථාවේ සංශෝධනයක් ලබන මාසයේදී සිදුකිරීමට සාකච්ඡා කෙරෙමින් පවතින අතර, මෙම සංශෝධනයෙන් වත්මන් ජනපති ෂි ජින්පින්ගේ බලය තවදුරටත් වර්ධනය වනු ඇති බව විශ්ලේෂකයෝ පවසති.
එමෙන්ම, මෙම සංශෝධනයෙන් ජනපති ධුර කාලයේ වෙනසක් සිදුවනු ඇති බවටද කතාවක් පැතිර යන අතර, ඒ අනුව, ෂි ජින්පින් ජනපතිවරයාට 2022 ඉක්මවා යන තුරු බලයේ රැඳී සිටීමට අවස්ථාව හිමිවනු ඇති බවද කියැවෙයි.
පසුගිය ඔක්තෝබර් මාසයේදී චීන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයේදී ෂි ජින්පින් සංකල්පය, වත්මන් චීනයේ නිර්මාතෘ මාඕ සේතුංගේ මට්ටමට ඔසවා තැබීමටද කටයුතු කෙරුණේ ඔහුගේ බලය තවදුරටත් වර්ධනය කරමිනි.