ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය විසින් 2016 වසරේ ජාත්‍යන්තර වචනය ලෙස post-truth යන්න නම් කර තිබේ.
මෙම වචනය ගෙවීගිය වසරක කාලය තුළ ලෝක දේශපාලනයේ අතිශය භාවිත වූ වචනයක් බවට පත්ව තිබූ බව පෙන්වා දෙයි.
ඒ අනුව, post-truth යන්න, 'මහජන මතයක් හැඩගැස්වීම සඳහා හැඟුම්බර ආයාචනයන්ට වඩා විෂයානුබද්ධ කාරුණාවන්හි බලපෑම අඩු බව' කියාපාන නාම විශේෂණ පදයක් ලෙස පෙන්වාදී තිබේ.
මෙම වසරේ ජූනි මාසයේ පැවති බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් ජනමත විචාරණය මෙන්ම, පසුගියදා නිමාවට පත්වූ ඇමෙරිකානු ජනාධිපතිවරණයද මෙම වචනය තෝරාගැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම හේතුපාදක වී තිබේ.
ඔක්ස්ෆ්ර්ඩ් ශබ්ද කෝෂයේ කැස්පර් ග්රොත්වෝල් පෙන්වාදෙන්නේ post-truth යන්න අපේ කාලයේ සුවිශේෂී වචනයක් බවට පත්ව ඇති බවයි.