තමාව බලයෙන් පහ කිරීම සඳහා විරුද්ධ පක්ෂ විසින් ගෙන ඒමට සැරසෙන ජනමත විචාරණය මෙම වසරේදී නොපැවැත්වෙන බව වෙනිසියුලානු ජනපිත නිකොලස් මදූරෝ පවසයි.
මෙවනි ජනමත විචාරණයක් මෙම වසරේදී පැවැත්වීම සඳහා සූදානම් වීමට කල්වේලා මදි බව ඔහුගේ අදහසයි.
ජනමත විචාරණයක් ඉල්ලා අත්සන් ලක්ෂ 600,000 ට වඩා ලබාදෙමින් ඉදිරිපත් කළ පෙත්සම නීත්‍යනුකූල නොවන බව එරට ජාතික මැතිවරණ කවුන්සිලය පවසයි.
කෙසේ වෙතත්, විරුද්ධ පක්ෂ චෝදනා කරන්නේ එරට මැතිවරණ කවුන්සිලයද රජයෙ පදයට නටන බවයි.