ඇෆ්ගනිස්ථානයේ ජනපති ලෙස තමා 2014 වසරේ බලයට පත්වූ දා සිට මේ දක්වා එරට ආරක්ෂක අංශ සාමාජිකයන් 45,000කට වැඩි පිරිසක් ඝාතනයට ලක්ව ඇති බව අෂ්රෆ් ඝානි පවසයි.
2015 වසරේ සිට 28,000ක් ඝාතනයට ලක්ව ඇති බවට පසුගිය වසරේ ඔහු සිදුකළ ප්රකාශයට වඩා මෙවර අතිශය ඉහළ බව දේශපාලන විචාරකයෝ පවසති.
නමුත්, මේ දක්වා ඝාතනයට ලක්ව ඇති විදෙස් හමුදා සාමාජිකයන් ප්රමාණය 72කට වඩා අඩු බවත්, එමගින් මෙම සටන සැබෑ ලෙසම සිදුකරන්නේ කවුරුන්ද යන්න පැහැදිලි බවත් හෙතෙම අවධාරණය කරයි.
ඇමෙරිකානු සහ තලේබාන් සංවිධානයේ නියෝජිතයන් අතර ඉහළ මට්ටමේ සාකච්ඡාවක් සිදුවන අතරතුරදී ඔහු මෙම අදහස් දක්වා සිටීමද විශේෂත්වයකි.
ඇෆේගනිස්ථානය තුළ ක්රියාත්මක වන ප්රධානතම සටන් සංවිධානය ලෙස තලේබාන් සංවිධානය සැලකෙන අතර, ඔවුන් පසුගිය බ්රහස්පතින්දා සිට ඇමෙරිකානු නියෝජිතයන් සමග මුහුණට මුහුණ සාකච්ඡාවක නිරත වන්නේ 17 වසරක් පුරා ඇවිලී යන යුද්ධයට විසඳුමක් සෙවීම සඳහා බව කියැවෙයි.