2003 වසරේදී ඉරාකය ආක්‍රමණය කිරීම සඳහා ඇමෙරිකානු සන්ධානය සමග එකතු වීමට බ්‍රිතාන්‍යය ගත් තීරණය වැරදි සහගත තීන්දුවක් බව එම ආක්‍රමණය පිළිබඳ එළිදැක්වූ විශේෂ වාර්තාවේ දැක්වෙයි.
ඉරාකයේ සිදුකෙරුණු ආක්‍රමණය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් සැපයූ සර් ජෝන් චිල්කොට් පවසා සිටියේ, ඉරාක අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට තවදුරටත් අවස්ථාව තිබියදී, එය නොසළකා හරිමින් බ්‍රිතාන්‍යය යුද්ධයට තල්ලු කිරීමට එවකට බ්‍රිතාන්‍යය අගමැති ටෝනි බ්ලෙයාර් කටයුතු කර ඇති බවයි.
චිල්කොට් වාර්තාව වසර හතක් පුරා බලා සිටි වාර්තාවක් වන අතර, සර් ජෝන් චිල්කොට් ඉරාක යුද්ධය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණයේ ප්‍රධානියා වන අතර, එම වාර්තාව එළිදැක්වීමට මූලික වූ තැනැත්තාද වෙයි.
එම වාර්තාවෙන් චිල්කොට් පෙන්වා දෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ස්වාධීන රාජ්‍යයක් ආක්‍රමණය කිරීමට බ්‍රිතාන්‍ය හමුදා ගොඩබට ප්‍රථම අවස්ථාව ලෙස ඉරාක ආක්‍රමණය උපරිම බරක් තැබිය යුතු බවය. එමෙන්ම, එවකට ඉරාක ජනපති සදාම් හුසේන් තමන්ගේ මිනිසුන්ට මෙන්ම, තම අසල්වාසීන්ට පහරදුන් ම්ලේච්ඡ ඒකාධිපති නායකයෙකු ලෙස අවිවාදයෙන් හැඳින්විය හැකි බවද ඔහුගේ වාර්තාවෙන් වැඩිදුරටත් දැක්වෙයි.
කෙසේ වෙතත්, හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් පවසා ඇත්තේ තමන් ඉරාක ආක්‍රමණය සම්බන්ධයෙන් ගත් තීරණය හොඳ විශ්වාසයකින් යුතුව ගත් තීරණයක් බවයි. එමෙන්ම, ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම තමන් දරණ බවද ඔහු පවසා තිබේ.