1993 මුම්බායි ප්‍රහාරයට සම්බන්ධ දෙදෙනෙකුට මරණ දඬුවම
ඉන්දියාවේ මුම්බායි නගරයේදී පුද්ගලයන් 257 දෙනෙකුට මරු කැඳවමින් වර්ෂ 1993දී එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටි පුද්ගලයන් දෙදෙනෙකුට එරට අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර තිබේ.
මුස්ලිම් කෝලාහලවලදී සිදුවූ මනුෂ්‍ය ඝාතනවල පළිය ගැනීමක් ලෙස සිදුකරන ලද මෙම බෝම්බ ප්‍රහාරය සාමාන්‍ය හින්දු සිවිල් වැසියන් ඉලක්ක කළ බෝම්බ ප්‍රහාරයක් විය.
එහිදී, මනුෂ්‍ය ඝාතනය හා අපරාධ කුමන්ත්‍රණ චෝදනා යටතේ ෆයිරෝස් ඛාන් සහ තහීර් මර්චන්ට් වෙත මෙලෙස මරණ දඬුවම නියම වී ඇත.
මෙම බෝම්බ ප්‍රහාරයෙන් පසුව එම ප්‍රහාරය පසුපස සිටි අබු සලීම් පෘතුගාලයට පැනගිය අතර, පසුව වර්ෂ 2005 දී ඔහුව පිටුවහල් කරනු ලැබීය. එහිදී, කරිමුල්ලා ඛාන් සහ ඔහු ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් කෙරිණි.
එමෙන්ම, මෙම ප්‍රහාරයට සම්බන්ධ තවත් පුද්ගලයෙනු වූ රියාස් සිද්ධිඛී වසර 10ක සිර දඬුවමකට යටත් කෙරිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

