වර්ෂ 1945 න් පසුව ලෝකය මුහුණදෙන දරුණුතම මානුෂීය අර්බුදයට මේ වනවිට මුහුණදෙමින් සිටින බවත්, එය මහා ව්‍යසනයක් බවට පත්වීමට පෙර සියල්ලන්ගේම උදව් ඊට අවශ්‍ය බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.
එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ ප්‍රධානී ස්ටෙෆන් ඔබ්රෙයින් පවසන්නේ මිලියන 20කට වැඩි පිරිසක් ආහාර නොමැති හෝ දැඩි දුර්භික්ෂයකට ලක්ව සිටින බවයි.
විශේෂයෙන්ම යේමනය, සෝමාලියාව, දකුණු සුඩානය සහ නයිජීරියාව ඒ අතරින් ප්‍රධාන බවද හෙතෙම පවසයි.
යුනිසෙෆ් ආයතනය අනතුරු අඟවමින් පවසන්නේ මිලියන 1.4ක දරුවන් මෙම වසර තුළ නිරාහාරව මිය යා හැකි බවයි.
මෙය මහා ව්‍යසනයක් බවට පත්වීමෙන් බේරාගැනීමට නම් ඇ.ඩො.බිලියන 4.4ක මුදලක් ලබන ජූලි මාසය වනවිට අවශ්‍යව ඇති බවද ඔබ්රෙයින් වැඩිදුරටත් පවසයි.