බයිඩන් - පූටින් හමුව 18 වැනි සියවසේ බංගලාවක සිදුවෙයි
ජෝ බයිඩන් එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් මුණ ගැසෙන ප්‍රථම හමුව 18 වැනි සියවසට අයත් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි සුවිශාල බංගලාවක පැවැත්වෙන බව විදෙස් වාර්තා පවසයි.
මැතිවරණ මැදිහත්වීම්, සයිබර් ප්‍රහාර, මානව හිමිකම් සහ යුක්රේනය පිළිබඳ කටුක ආරවුල් ආදී වූ මාතෘකා බයිඩන්ගේ පාර්ශ්වයෙන් සූදානම් කරන විට, ඇමෙරිකානු හස්තයේ අතපෙවීම් ගැන පූටීන් පාර්ශවනේ කරුණු ගොනු කෙරෙනු ඇති බව කියැවෙයි. එසේම දෙපාර්ශ්වයටම පොදු වූ උපායමාර්ගික න්‍යෂ්ටික ස්ථායිතාව සහ කලාපීය ගැටුම්ද සාකච්ඡා මේසය මත පවතිනු ඇත.
ජනාධිපති ලෙස සිය පළමු වැනි විදෙස් සංචාරය ආරම්භ කරමින් G7 සමුළුවට සහභාගි වීමට බ්‍රිතාන්‍යයට පැමිණෙන බයිඩන් පවසා ඇත්තේ මානව හිමිකම්වලට ගරු කරන ලෙස පූටින්ට බලපෑම් කිරීමට තමා කටයුතු කරන බවයි.
එසේම පූටින් පසුගිය සිකුරාදා කියා සිටියේ කිසිදු ඉදිරි ගමනක් අපේක්ෂා නොකළද සාකච්ඡා ධනාත්මක වාතාවරණයක් තුළ පැවැත්වෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.
රාජ්‍ය නායක දෙපළ සිදුකරන සාකච්ඡාව පැවැත්වෙන බංගලාව පිහිටා ජිනීවා විලේ වම් ඉවුර අසල උද්යානයකය. රෙඩ්වුඩ් ගස්, රෝස පඳුරු සහ පුරාණ දිය උල්පත්වලින් සමන්විත මෙම උද්‍යානය ජිනීවා විල සහ රුවල් බෝට්ටු සමග අපූරු දර්ශනයක් සපයයි.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ රුසියානු විදේශ අමාත්‍ය ලැව්රොව්ද බයිඩන් සහ සහ පූටින් සමග සාකච්ඡා සඳහා පැමිණෙනු ඇත.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
