ලන්ඩනයේ හිතෘ ඩ්‍රෝන කඩා වැදීමක් ගැන අවලාද නැගෙයි
මහා බ්‍රිතාන්‍යයේ කාර්යබහුලම ගුවන් තොටුපොළ ලෙස සැලකෙන ලන්ඩන් හි හිතෘ ගුවන් තොටුපොළ ඩ්‍රෝන යානයක් කඩා වැදීම නැවැත්වීමට ආරක්ෂක අංශ අසමත්වීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇතිවී තිබේ.
ඊයේ (08දා) රාත්‍රී සිදුවූ මෙම සිදුවීමෙන් ගුවන් තොටුපොළෙහි මගීන් 15,000ක් පමණ රැගෙන යාමට සූදානම් වූ යානා 100ක් පමණ ප්‍රමාද කිරීමට සිදුවූ අතර, පැයක පමණ කාලයක් ගුවන් තොටුපොළ ගුවන් ගමන් වසා දැමීමක් සිදුවිය.
මෙය පසුගිය නත්තල් සමයේදී ගැට්වික් ගුවන් තොටුපොළ වෙත බාධා කළ ඩ්‍රෝන කඩාවැදීමෙන් පසුව මුහුණදුන් සිදුවීමක් වන අතර, අදාළ ඩ්‍රෝන යානා වැළැක්වීමට ඇතැයි කියූ නවීන තාක්ෂණික උපකරණවලට කුමක් වූයේ දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරන්නට විය.
කෙසේ වෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදී ඇති හිතෘ ගුවන් තොටුපොළ ප්‍රධානී ජෝන් හොලන්ඩ් කේයි පවසා සිටියේ පවුම් මිලියන ගණනක් වැය කරමින් නවතම ඩ්‍රෝන ආරක්ෂණ පද්ධතියක් ගුවන් තොටුපොළ විසින් ඇණවුම් කර තිබුණත් තවම එය සවිකර නොමැති බවයි.
කෙසේ වෙතත්, එය සවිකරන තුරු ගුවන් තොටුපොළ වට කරමින් සැතපුම් නවයක වටප්‍රමාණයෙන් ආරක්ෂක කණ්ඩායම් ඩ්‍රෝන පිළිබඳ අවධානයෙන් ආරක්ෂක මෙහෙයුම්වල නිරත වන බවද හෙතෙම සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් චෝදනා කරන්නන් පවසන්නේ එක් ඩ්‍රෝන යානයකට හීතෘ ගුවන් තොටුපොළ පැයක කාලයක් වසා දැමීමට හැකිවූයේ කෙසේද යන්නයි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                