නයිරෝබි හෝටල් ප්‍රහාරයේ මරණ 21යි - 9ක් අත්අඩංගුවට
පුද්ගලයන් 21 දෙනෙකු මරු කැඳවමින් කෙන්යාවේ, නයිරෝබි නගරයේ හෝටල් සංකීර්ණයක් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඩස්ටිඩී2 ලෙස ප්‍රකට මෙම හෝටලය වෙත ප්‍රහාරය එල්ල කිරීම සඳහා ත්රස්තයන් 5 දෙනෙකු පැමිණ තිබුණු අතර, ප්‍රහාරය අතරතුර මොවුන් ආරක්ෂක අංශ අතින් ඝාතනයට ලක්විය.
සෝමාලියාව කේන්ද්‍ර කරගත් අල්-ෂබාබ් ත්රස්තයන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගත් අතර, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම නම් කිරීමට විරෝධය පෑමක් ලෙස මෙම ප්‍රහාරය දියත් කළ බව කීය.
ඒ අනුව, විදේශිකයන් තෝරා ගනිමින් මෙහිදී ඝාතනය කිරීමද විශේෂත්වයක් වී ඇති අතර, ප්‍රහාරයෙන් ඇමෙරිකානු ජාතික ව්‍යාපාරිකයෙකුද ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඒ අනුව, මෙම ප්‍රහාරය සැලසුම් කළ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් දියත් වන අතර, ප්‍රහාරකයන් පැමිණියේ යැයි විශ්වාස කෙරෙන මෝටර් රථයද විශේෂ පරීක්ෂාවකට ලක්ව තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

