හින්දූන් කාමලෝලීන් බවට පත්කළ ඇමෙරිකානුවාගේ කෘතිය හකුලා ගනී
ඇමෙරිකානු ජාතික මහාචාර්යවරියක විසින් හින්දු දහම පිළිබඳ ලියූ ග්‍රන්ථයෙන්, හින්දූන් කාමලෝලීන් ලෙස හුවාදක්වා ඇති බව පවසමින් එම ග්රන්ථයට එරෙහිව ඉන්දියාව තුළින් පැන නැඟුණු බලවත් විරෝධයත් සමග කෘතිය වෙළෙඳ සැල්වලින් නැවත කැඳවීමට පියවර ගෙන තිබේ.
මෙම කෘතිය ප්‍රකාශයට පත්කළ පෙන්ගුයින් ග්රන්ථ ප්‍රකාශන සමාගමේ ඉන්දීය ශාකාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි කෘතිය නැවත වෙළෙඳ සැල්වලින් කැඳවමින්, කෘතියේ සියලු පිටපත් විනාශ කරදැමීමට පියවර ගෙන ඇති බව කියැවෙයි.
පෙන්ගුයින් ප්‍රකාශන සමාගමේ ඉන්දීය ශාඛාව පවසන්නේ, ඉන්දීය නීතියට ගරු කිරීම සඳහා තමන් බැඳී සිටින නිසා මෙම පියවර ගත් බවය.
චිකාගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක වන වෙන්ඩි ඩොනිගර් විසින් 'The Hindus: An Alternative History' නමින් ඉංග්‍රීසි බසින් මෙම ග්‍රන්ථය රචනා කර තිබේ.
	.gif) 
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                