කොරෝනා වෛරසයේ ප්‍රධාන සම්ප්‍රේෂණ ක්‍රමය වන්නේ 'සමීප පරාස බිඳිති සම්ප්‍රේෂණය' හරහා බව චීන රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානයේ පර්යේෂක ෆෙන් ලුෂාවෝ ජාතික සෞඛ්‍ය කොමිසමේ මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.
ඔහුගේ අදහස් වලින් පෙනී යන්නේ ආසාදිත පුද්ගලයෙකු සමග සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් බොහෝ අය වෛරසය වැළඳී ඇති බවයි.
බිඳිති (බිංදු) සම්ප්‍රේෂණය යනු ආසාදිත පුද්ගලයෙකු කිවිසුම් යාම හෝ කැස්ස නිසා වෛරසයක් සම්ප්‍රේෂණය වන අතර තවත් අයෙකු එම ආසාදිත අංශු සමඟ සම්බන්ධ වේ.
"මිනිසුන් පිටතට යාමෙන් වැළකී සිටිය යුතුයි, විශේෂයෙන් ජනාකීර්ණ ප්‍රදේශවලට යාම" යනුවෙන් ෆෙන්ග් පැවසීය.
චීන රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය විසින් ප්‍රකාශයට පත්කර ඇති මාර්ගෝපදේශයකට අනුව, චන්ද්‍ර අලුත් අවුරුද්දේ සංචාරය කරන පවුල් අඩු කිරීම, නිවසේ රැඳී සිටීම සහ විවේක ගැනීම සහ ජනාකීර්ණ පොදු ප්‍රදේශවලට යාමෙන් වැළකීම, විශේෂයෙන් ගුවන් ප්‍රවාහනය අඩු කිරීම, සිනමා හල්, අන්තර්ජාල කැෆේ, කැරෝකේ සහ සාප්පු සංකීර්ණවල හැකි තරම් මගහරින ලෙස දන්වා තිබේ.
චීනයෙන් පිටත කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්තව ඇති බැවින්, ආසාදනය වීමේ අවදානම අවම කර ගත හැකි ආකාරය ඔවුන් වැඩිදුරටත් මෙසේ දක්වා තිබේ.
කැස්ස සහ කිවිසුම් යාම වැනි ශ්වසන රෝග ලක්ෂණ පෙන්නුම් කරන ඕනෑම අයෙකු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් වළකින්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙම කිරීටක වෛරසයේ අනෙක් රෝග ලක්ෂණ වන්නේ උණ සහ හුස්ම ගැනීමේ අපහසුවයි. දරුණු අවස්ථා නියුමෝනියාව, වකුගඩු අකර්මණ්‍ය වීම සහ මරණයට පවා හේතු විය හැක.
ආහාර හොඳින් උයන්න - විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මෙම කොරෝනා වෛරසය වෙනත් සතෙකුගෙන් ආරම්භ වී පසුව මිනිසුන්ට පැතිරෙන බවයි. එබැවින් සෞඛ්‍ය නිලධාරීන් මස් හා බිත්තර හොඳන් පිස ආහාරයට ගන්නා ලෙස නිර්දේශ කරති.
සජීවී සත්ව වෙළෙඳ පොළවල් වෙත නොයන්න - ඉහතින් පවතින වෛද්‍ය තත්වයන් ඇති ඕනෑම අයෙකු සජීවී සත්ව වෙළෙඳ පොළවල් සහ අමු මස් වලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුය. මන්ද එම පුද්ගලයින් රෝගය උත්සන්න ඇතිවීමේ වැඩි අවදානමක් ඇතැයි සැලකෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
අත් සේදීම - අවම වශයෙන් තත්පර 20ක් වත් සබන් හා වතුරෙන් ඔබේ අත් සෝදන්න.
මුඛය සහ නාසය ආවරණය කරන්න - ඔබට අසනීප බවක් දැනේ නම්, ඔබට කැස්ස හෝ කිවිසුම් යන විට ඔබේ මුඛය සහ නාසය ආවරණය කරන්න. එමෙන්ම ඔබ ස්පර්ශ කරන වස්තූන් හා මතුපිට විෂබීජහරණය කරන්න.
ශල්‍ය මුඛ ආවරණයක් පැළඳීම - ඔබේ වෛද්‍යවරයා ඔබට යම් රෝග ලක්ෂණයක් පෙන්වන්නේ යැයි සඳහන් කළොත් ශල්‍ය මුඛ ආවරණයක් පැළඳීමට උපදෙස් දෙයි.
සාමාන්‍ය දැන්ම පාවිච්චි කරන්න - පොදුවේ ගත් විට මහජනතාව සිදුකළ යුත් වන්නේ තම සාමාන්‍ය බුද්ධිය මෙහෙයවමින් සෑම සීතල හෝ උණුසුම් කාලයකදී ගත යුතු ආරක්ෂක ක්‍රම භාවිත කරමින් කටයුතු කිරීම බව වොෂිංටන් සෞඛ්‍ය ලේකම් වෛද්‍ය ජෝන් වයිස්මන් පැවසීය.