වුහාන් සිට බ්‍රිතාන්‍ය පුරවැසියන් සිය ගණනක් බ්‍රහස්පතින්දා (30දා) යළිත් එක්සත් රාජධානිය වෙත පිටත් කර හැරීමට නියමිතව තිබේ.
ඒ අනුව මෙම පිරිස බ්‍රිතාන්‍යය වෙත ඇතුළු කිරීමේදී ඔවුන් නිරෝධායනයකට ලක්කළ යුතු බවට තීරණය කර ඇත.
කෝරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සේවය මේ වනවිට චීනය වෙත සහ ඉන් පිටත සියලුම සෘජු ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
ඔස්ට්‍රේලියාව, ජපානය, එක්සත් ජනපදය සහ යුරෝපා සංගම් රටවල් සිය පුරවැසියන් නැවත සිය රටවලට ගෙන්වා ගැනීමට කටයුතු කළ අතර, ඔවුන් සෘජුවම රට තුළට නොගෙන නිරෝධායනයන්ට ලක්කර තිබුණි.
මෙම වෛරසය ආසාධනය වීමෙන් මේ වනවිට 130කට වඩා මිය ගොස් ඇති අතර එය චීනය හුබෙයි පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයක් පුරාත්, අවම වශයෙන් තවත් රටවල් 16ක් දක්වා ව්‍යාප්ත වී ඇත.
එහිදී මෙම පිරිස දැනට රැඳී සිටින ස්ථානය පිළිබඳ සඳහන් නොවූවත්, ඔවුන් හමුදා කඳවුරක සිට බ්‍රිතාන්‍ය ගුවන් යානය වෙත රැගෙන එනු ඇති බවට විශ්වාස කෙරෙයි.