වසර 36කට පසු රැස්වූ උතුරු කොරියානු පක්ෂ සම්මේලනය
උතුරු කොරියානු ජනපති කිම් ජෝන්-උන් සිය නායකත්වය ස්ථාවර කිරීමේ පරමාර්ථයද සහිතව එරට දශක ගණනාවකට පසු පැවැත්වෙන වැදගත්ම දේශපාලන රැස්වීම සටහන් කරමින් පක්ෂ සම්මේලනය කැඳවා තිබූ බව විදෙස් වාර්තා පවසයි.
මෙම පක්ෂ සම්මේලනය ආරම්භ කරමින උතුරු කොරියානු නායකයා එරට න්‍යෂ්ටික වැඩපිළිවෙළ මෙම සමුළුවට ඉදිරිපත් කළ බවත්, ඊට මෙම සම්මේලනය තුළ විශේෂ අනුග්‍රහයක් ලැබී ඇති බවද වාර්තා වෙයි.
උතුරු කොරියාවේ පාලක පක්ෂයේ කොංග්රස් සාමාජිකයන් වසර 36ක කාලයක් පුරා රටේ දේශපාලන නායකයාගේ ප්රතිපත්තිවල වෙනස්වීම් ඉතා සූක්ෂම ලෙස නිරීක්ෂණය කිරීමට කටයුතු කරන බවද කියැවෙයි.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර ජනමාධ්‍යවලට සම්මේලනය වෙනුවෙන් ආරාධනා ලැබී තිබුණත්, සාකච්ඡා පැවැත්වෙන ශාලාවට ඇතුළු වීමට ඔවුන්ට අවස්ථාව ලැබී නොතිබුණි.
පක්ෂය ආරම්භයේ සිට උතුරු කොරියාවේ කම්කරු පක්ෂයේ සම්මේලන පවත්වා තිබෙන්නේ 7 වරක් පමණක් බවත්, මෙවර සම්මේලනය පැවැත්වෙන්නේ 1980 න් පසු පළමු වතාවට බවත් කියැවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

