ඉබෝලා වෛරසයට ගොදුරු වූ රටවල් අතර වඩාත් දරුණු තත්ත්වයක් පැවති ලයිබීරියාවේ ඉබෝලා පැතිරිමේ අඩුවක් දක්නට ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ බ්‍රෑස් අයිල්වාඩ් පවසන්නේ වෛරසයට මුහුණදීමේ හැකියාව මේ වනවිට ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවයි.
කෙසේ වෙතත් මෙම මහා ව්‍යසනය අවසන් වන බව එම ප්‍රකාශයෙන් නොකියවෙන බවත් හෙතෙම අවධාරණය කරයි.
එමෙන්ම, මේ වනවිට ලොව පුරා ඉබෝලා ආසාධිත පුද්ගලයන් 13,703ක් වාර්තා වන බවත්, ඉදිරි දින කිහිපය තුළ මරණ සංඛ්‍යාව 5,000 ඉක්මවා යා හැකි බවත් හෙතෙම පවසයි.