රුසියානු හමුදා ඉවත්වන බවක් පෙනෙන්නේ නෑ -නේටෝ කියයි
යුක්රේන දේශසීමාව ආසන්නයේ අනුයුක්ත කර සිටින රුසියානු සෙබලුන් කොටස් වශයෙන් ඉවත් කරගන්නා ලෙස රුසියානු බලධාරීන් සිය හමුදාවන්ට නියෝග ලබාදී ඇති බව කියවුණත්, එවැනි සැලකිය යුතු හමුදා ඉවත් කිරීමක් දේශසීමා ආසන්නයේදී දැකගන්නට නොමැති බව නේටෝ සංවිධානය පවසයි.
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට රැස්වූ නේටෝ සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්, යුක්රේනයට සහාය ලබාදිය හැකි ආකාරයත්, රුසියාව සමගින් සබඳතා නැවැත්වීම පිළිබඳවත් සාකච්ඡා කර තිබෙන බවද වාර්තා වෙයි.
ක්රිමියානු අර්ධද්වීපය යුක්රේනයෙන් වෙන්ව නිල වශයෙන් රුසියාවේ කොටසක් බවට පත්වීමෙන් පසුව අමාත්‍යවරුන් එක්රැස් වූ ප්‍රථම අවස්ථාවද මෙයයි.
එසේම යුක්රේනයට ඉහළින් පිහිටි බෝල්ටික් රාජ්‍යයන් වන එස්ටෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව යනාදී රටවල් තුළ නේටෝ සංවිධානයේ ස්ථිර යුද හමුදා කඳවුරු කිහිපයක් ඉදිකිරීමේ තීරණයක්ද මෙහිදී ගෙන ඇති බව වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
