රියෝ ඔලිම්පික් පන්දම් රැලියේදී දිවි දුන් ජගුවර්
(VIDEO) බ්‍රසීල රියෝ ඔලිම්පික් උලෙළේ පන්දම රැගත් රැළියක් සඳහා සම්බන්ධ කරගත් ජගුවරයෙකු එම රැළියෙන් මෙහොතකට පසුව වෙඩි තබා මරා දැමීමේ අනුවේදනීය පුවතක් වාර්තා වෙයි.
බ්රසීල්යේ මනාවුස් නගරයේදී සංවිධානය වූ මෙම රැළියෙන් අනතුරුව එරට හමුදාව සතු මෙම ජගුවර් ගැහැණු සතා, ඌ බලාගන්නා රැකවලාගෙන් මිදී පළා යෑමත්, තවත් සොල්දාදුවෙකුට තුවාල කිරීමත් සමග මෙම මරණය සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
එහිදී, බ්‍රසීල හමුදාව පවසන පරිදි ජගුවරයා නිර්වින්දනය කිරීම සඳහා නිර්වින්දන වෙඩි හතරක් එල්ල කළත්, එය ව්‍යර්ථ වීමෙන් පසුව හමුදාව සතු පිස්තෝලයකින් ඌ වෙඩි තබා මරා දැමීමට තීරණය කර තිබේ.
කෙසේ වෙතත්, යදම්වලින් බැඳ සිටි ජගුවරයා ආසන්නයේ ඔලිම්පික් පන්දම ප්‍රදර්ශනය කිරීම අත්වැරැද්දක් බව මෙම සිදුවීමෙන් පසුව රියෝ ඔලිම්පික් සංවිධායකයෝ පවසා ඇත.
මේ අතර, සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන මෙම සිදුවීම දැඩිව හෙළා දැක ඇති අතර, ඔලිම්පික් ක්‍රීඩා උළෙල හා සම්බන්ධ අවස්ථාවකට මෙසේ වන සත්වයෙකු යොදා ගැනීම සම්බන්ධයෙන් ප්‍රබල ප්‍රශ්න කිරීමක්ද සිදුකර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

