මෙක්සිකෝවට කඩා වැදුණු අර්ල්ස් ජීවිත 38ක් බිලිගනී
මෙක්සිකෝවේ ඊසානදිග කලාපය හරහා හමාගිය අර්ල්ස් චණ්ඩ මාරුතය හේතුවෙන් එරට තුළ සිදුව ඇති ජීවිත හානි ප්රමාණය 38 ඉක්මවන බව විදෙස් වර්තා පවසයි.
අර්ල්ස් චණ්ඩ මාරුතය සමග ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් ඇති වූ ගංවතුර හා නායයෑම් මෙසේ ජීවිත හානි වැඩි වීමට හේතු වී ඇත.
මෙක්සිකෝ බලධාරීන් පෙන්වාදෙන පරිදි පුඑබ්ලා ප්රාන්තය මින් වැඩිම බලපෑමක් එල්ල වූ කලාපය ලෙස හඳුනාගෙන ඇති අතර, එම ප්රාන්තයේ පමණක් සිදුව ඇති ජීවිත හානි ප්රමාණය 28 කි. මීට අමතරව, වෙරාක්රස් ප්රාන්තයේද තවත් ජීවිත හානි 10ක් සිදුව තිබේ.
මුලින් ජීවිත හානි 6ක් පමණක් සිදුව ඇති බව එරට බලධාරීන් පවසා සිටියත් සහන කණ්ඩායම් විසින් මළ සිරුරු සොයාගැනීමත් සමග ජීවිත හානි ප්රමාණය වැඩි වූ බව පැවසුණි.
කැරීබියන් දූපත්වලට බලපෑමක් එල්ල කිරීමෙන් පසුව පළමු වැනි ප්රභේදයේ චණ්ඩ මාරුතයක් ලෙස අර්ල්ස් චණ්ඩ මාරුතය මෙම සතියේදී එරටට කඩා වැදුණි.

.jpg)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

