මියන්මාරයට ප්රජාතන්ත්රවාදය කැඳවූ කෘතහස්තයෙකුගේ සමුගනීම
අවුන් සාන් සුකි සමග එකතුව මියන්මාරයේ ප්රජාතන්ත්රවාදී ජාතික ලීගය ගොඩනැගීමෙහිලා පුරෝගාමී මෙහෙවරක නිරත වෙමින්, එරටට ප්රජාතන්ත්රවාදය ළඟාකර වීම සඳහා උරදුන් වින් ටින් අවුරුදු 85ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වී තිබේ.
අතීතයේදී බුරුමය නමින්ද, වර්තමානයේදී මියන්මාරය නමින්ද හැඳින්වෙන අග්නිදිග ආසියානු රාජ්‍යයේ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් දිවිහිමියෙන් සටන් වැදුණු මාධ්‍යවේදියෙකු වූ වින් ටින්, එරට වැඩිම කාලයක් බන්ධනාගාර ගතව සිටි දේශපාලන සිරකරුවා ලෙසින්ද සැලකෙයි.
මියන්මාරය තුළ වසර 19 ක කාලයක් දේශපාලන සිරකරුවෙකු ලෙස හමුදා පාලකයන් යටතේ සිරබත් කෑ ඔහු 2008 වසරේදී නිදහස ලැබීය.
මියන්මාර හමුදා පාලකයන් ඔහුට චෝදනා නඟා තිබුණේ ආණ්ඩු විරෝධී ප්රචාරක කටයුතුවල නිරත වීම සම්බන්ධයෙනි. අවසානයේ හමුදා පාලනයේ සමාවක් යටතේ නිදහස ලැබූවද තමන් සිරගතව සිටියදී හැඳ සිටි නිල් වර්ණයෙන් යුතු කමිසය අත් නොහළ වින් ටින්, සංකේතාත්මකම තම විරෝධතාව දිගටම සිදු කළේය.
පසුගිය මාර්තු 12 වැනිදා සිට ශ්වසන අබාධයක් හේතුවෙන් රෝහල්ගතව සිටි වින් ටින් ඒ හේතුවෙන්ම මරණයට පත්ව ඇති බව පැවසෙයි.
	
	
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                