මදර් තෙරේසා පුණ්යායතනයේ සේවිකාවක් බිළිඳෙකු විකුණලා
ඉන්දියාවේ ජාර්කාන්ද් ප්රාන්තයේ පිහිටි තේරේසා මවුතුමියගේ නමින් වූ පුණ්යායතනයේ සිටි වයස මාස 14ක් වූ බිළිඳෙකු එහි සේවිකාවක විසින් විකුණා ඇති බව හෙළි වෙයි.
මෙම සිද්ධියට සම්බන්ධ කාන්තාව පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර, මේ සඳහා ඇයට සහාය දැක්වූ තවත් කාන්තා සේවිකාවන් දෙදෙනෙක්ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ප්රාන්ත ළමා සුබසාධන කමිටුවෙන් සිදුකළ පැමිණිල්ලකට අනුව පොලීසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මේ අතර, අදාළ පුණ්යායතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ මෙම සිද්ධියෙන් තමන් විමතියට පත්වූ බවකි.
කෙසේ වෙතත්, මෙය පළමු සිද්ධිය නොවන බව විශ්වාස කරන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අරඹා ඇත්තේ මීට පෙරද මෙම ස්ථානය මූලික කරගෙන ළමයින් විකිණීමේ ජාවාරමක් සිදුවූයේද යන්න සොයා බැලීම සඳහාය.
එම බිළිඳා අලෙවියෙන් ලබාගත් ඉන්දීය රු.එක්ලක්ෂ හතලිස් දහසක මුදලක්ද පොලීසිය විසින් සොයාගන තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
