බෝකෝ හරාම් විසින් පැහැර ගත් සිසුවියන් කතා කරයි
නයිජීරියාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී බෝකෝ හරාම් ත්‍රස්ත සංවිධානය විසින් මීට මාසයකට පමණ පෙර එරට ද්විතීයික පාසලක නේවාසිකාගාරයකින් පැහැරගත් පාසල් සිසුවියන්ගෙන් 100 දෙනෙකු පමණ රැගත් වීඩියෝවක් අද (12දා) මාධ්‍යයට නිකුත් කර තිබුණි.
බෝකෝ හරාම් ත්‍රස්ත නායක අබුබකර් ශෙකවු කියා සිටියේ දැනට අත්අඩංගුවේ සිටින සියලුම බෝකෝ හරාම් සටන්කාමීන් මුදාහරින තුරු ඔවුන්ව මුදා නොහරින බවයි.
එමෙන්ම, පැහැරගත් පාසල් සිසුවියන් සියලු දෙනා ඉස්ලාම් ආගමට හැරවූ බවත් ඔහු එම වීඩියෝවෙන් කියා සිටියි.
කෙසේ වෙතත් ත්රස්තයන්ගේ මෙම ඉල්ලීම නයිජීරියාවේ අභයන්තර කටයුතු අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර ඇති බව බී.බී.සී.ය පවසයි.
මොවුන් පසුගිය මාසයේදී එරට ද්විතීක පාසලක නේවාසිකාගාරයකින් මෙසේ දැරියන් පැහැරගෙන ගොස් තිබුණු අතර, මීට පෙර වීඩියෝවක් නිකුත් කරමින් එම ත්‍රස්ත නායකයා කියා සිටියේ මෙම දැරියන් වහල් සේවයට විකුණනු ලබන බවයි.
ගැහැණු දරුවන්ට අධ්‍යාපනය ලැබීම මෙන්ම දරුවන් බටහිර අධ්‍යාපනය ලැබීමට තදින්ම විරුද්ධ මෙම ඉස්ලාමීය අන්තවාදී නායකයා පෙන්වා දෙන්නේ තමන් දෙවියන්ගේ කැමැත්ත ඉටු කරන බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
