බොකෝ හරාම්ට එරෙහිව අප්රිකානු නායකයෝ යුද්ධයක් කැඳවති
ප්රංශයේදී මුණ ගැසුණු අප්රිකානු රටවල රාජ්ය නායකයන් ඉස්ලාමීය අන්තවාදී බොකෝ හරාම් ත්රස්ත සංවිධානයට එරෙහිව යුද්ධයක් ප්රකාශ කර ඇති බව බී.බී.සී.ය වාර්තා කරයි.
ප්රංශ ජනාධිපති ප්රංශුවා හොලන්ඩේ විසින් මෙම සමුළුව කැඳවා තිබුණු අතර, ඔහු පවසා සිටියේ කලාපයේ රටවල බුද්ධි තොරතුරු හා ඒකාබද්ධ ක්රියාමාර්ග බෙදාහදා ගැනීමෙන් මෙම ත්රස්ත සංවිධානයට එරෙහිව සටන් වැදිය හැකි බවයි.
පසුගිය මාසයේ 14 වැනිදා බොකෝ හරාම් ත්රස්තවාදීන් විසින් ඊසානදිග නයිජීරියාවේ ද්විතීයික පාසලක නේවාසිකාගාරයකින් පාසල් සිසුවියන් 223 දෙනෙකු පැහැරගෙන ගොස් තිබුණු අතර, ඔවුන්ගේ අලුත්ම පහරදීම මීට දින දෙකකට පෙර නයිජීරියාව හා කැමරූන් ආශ්රිතව සිදුවිය.
පසුගිය වසර කිහිපය තුළ බොකෝ හරාම් ත්රස්තයන් විසින් දහස් ගණන් මිනිස් ජිවිත අහිමි කර තිබේ.
ප්රංශ සමුළුව පැවැත්විමේදී හොලන්ඩේ මෙන්ම නයිජීරියානු ජනාධිපති ගුඩ්ලක් ජොනතන් මූලිකත්වය ගත් අතර, බෙනින්, කැමරූන්, නයිගර් හා චාද් යන රටවල නායකයන්ද ඊට සහභාගි විය.
අවසානයේදී ඔවුන් ගොලීය හා කලාපීය ක්රියා සැලැස්මක් වෙනුවෙන් ඒකමතිකව තීන්දුවකට පැමිණෙමින් බොකෝ හරාම් ත්රස්තවාදය අප්රිකානු කලාපයෙන් මුලිනුපුටා දැමීමට ප්රතිඥා දුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

