නැගෙනහිර යුක්රේනයේ රුසියානු සොල්දාදුවන් - යුක්රේන ජනපති
නැගෙනහිර යුක්රේනය වෙත රුසියානු හමුදා යෙදවීමක් සිදුව ඇති බව පවසමින් යුක්රේන ජනාධිපති පෙට්රෝ පොරොෂෙන්කෝ චෝදනා කර ඇති බව වාර්තා වෙයි.
නැගෙනහිර යුක්රේනයේ නොවොසෝව්ස්ක් අත්පත් කරගනිමින් අලුතින් කැරලි හමුදා වළල්ලක් යොදාගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා තිබේ.
මේ අතර, නේටෝව පෙන්වා දෙන්නේ නැගෙනහිර යුක්රේනය තුළ රුසියානු අවිආයුධ භාවිතය ශීඝ්රයෙන් ඉහළ යමින්, පසුගිය සති දෙකක කාලය තුළ අවි ආයුද විශාල ප්රමාණයක් එම කලාපයට පැමිණ ඇති බවයි.
කෙසේ වෙතත්, මේ සියලු චෝදනා රුසියාව ප්රතික්ෂේප කරයි. ඔවුන් පවසන්නේ තම හමුදා කිසි විටෙකවත් යුක්රේන දේශසීමා ඉක්මවා නොමැති බවයි.
මාස හතරක් පුරා සිදුවන මෙම ගැටුම් හේතුවෙන් මේ වනවිට පුද්ගයන් 2,119 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගියදා රුසියානු හා යුක්රේන නායකයන් හමුවී ගැටුම් සමතයකට පත්කිරීමේ කතාබහක නිරත වුණත්, එය තවමත් ඵල දරණ මට්ටමක නොමැති බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

