තුර්කියේ පළාත් පාලන මැතිවරණවලින් තම පක්ෂයට ජයග්‍රහණය හිමිව අති බව ප්‍රකාශයට පත්කළ එරට වත්මන් අගමැති රීසෙප් ටයීප් එර්ඩෝගන්, විරුද්ධ පක්ෂවලට මෙහි වන්දිය ගෙවීමට සිදුවූ බව අවධාරණය කළේය.
කෙසේ වෙතත් වත්මන් අගමැතිවරයාගේ රජය එරට බලවත් දෝෂ දර්ශනයට ලක්වූ පාලනයක් බව පැවසෙන අතර, එය අධිකාරීවාදය, වංචා හා දූෂණය ඉහවහා ගිය රජයක් බව කියැවෙයි.
පදුගිය ජූනි මාසයේදී තුර්කියේ පැවති දැවැන්ත විරෝධතා රැලිවලින් පසුව පැවති ප්‍රථම පළාත් පාලන ආයතන මැතිවරණය අගමැතිවරයාගේ ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීමට තිබූ වායුපීඩන මානයක් මෙන් විය.
ඔහු නියෝජනය කරන නීතිය හා සංවර්ධනය පක්ෂයේ (AKP) ප්රචාරක ව්‍යාපාරයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් අගමැතිවරයා තම පක්ෂය වෙනුවෙන් 60% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාදීමට පුරෝගාමී වී තිබේ.