චීනයෙන් පැතිරුණු නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු එක්සත් ජනපදයේදී ප්‍රථම වරට හඳුනාගෙන තිබේ.
චීනයේ සිට සියැටල් වෙත පැමිණි එක්සත් ජනපදයේ පදිංචිකරුවෙකුගෙන් මෙම වෛරසය හඳුනාගෙන ඇති බව රෝග පාලන මධ්‍යස්ථාන පවසයි.
චීන නගරයක් වන වුහාන් සිට පැතිර ඇති මෙම වෛරසය පුද්ගලයන් 300කට ආසන්න පිරිසකට ආසාදනය වී ඇති අතර හය දෙනෙකු මියගොස් තිබේ.
තර්ජනයට ප්‍රතිචාර වශයෙන් උතුරු කොරියාව විදේශීය සංචාරකයන් සඳහා දේශසීමා තාවකාලිකව වසා දමා ඇති බව සංචාරක ක්‍රියාකරුවෙකු පවසයි.
එක්සත් ජනපදයේ රෝග විනිශ්චයට බඳුන් වූ පුද්ගලයා වයස අවුරුදු 30 ගණනක අයෙකු බවත්, ඔහු ජනවාරි 15 වැනි දින වුහාන් සිට ආපසු පැමිණි බවත් සඳහන් වෙයි.
රෝගියා ප්‍රතිකාර සඳහා වොෂිංටන් ප්‍රාන්තයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇති අතර, මුලින්ම රෝගියාගේ ගමන් ඉතිහාසය සහ රෝග ලක්ෂණ මත පදනම්ව, සෞඛ්‍ය සේවා වෘත්තිකයන් මෙම නව කිරීටක වෛරසය විය හැකි යැයි සැක කර තිබේ.
කෙසේ වෙතත් සායනික නිදර්ශකයක, රසායනාගාර පරීක්ෂණ මගින් ජනවාරි 20 වැනි දින රෝග විනිශ්චය තහවුරු කරන ලදී.