කැරීබියන් දූපත් ආශ්‍රිතව සිදුව ඇති රික්ටර් පරිමාණ 7.7ක ප්‍රබල භූ කම්නය සමග එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා හි පවා සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර පසුව ඉවත් කර තිබුණි.
ජැමෙයිකා කේමන් දූපත් සහ කියුබාව අතර කිලෝමීටර් 10ක් පොළොව අභ්‍යන්තරයේ සාගරයෙහි මෙම භූ කම්පනය වාර්තා වන බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
මෙම ප්‍රබල භූ කම්පනයෙන් කැරීබියානු දූපත්වල ගොඩනැගිලි රැසක් ගිගුම් දී ඇති තිබුණත්, ගොඩනැගිලි කඩා වැටීමෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳ වාර්තා නොවෙයි.
කෙසේ වෙතත් මියාමි සහ ජැමෙයිකාවල ඇතැම් ප්‍රදේශයන්හි ජනතාව තාවකාලිකව ඉවත් කර තිබුණු බව විදෙස් වාර්තා පවසයි.
පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් මුලින් සුනාමි අනතුරු ඇඟවීමක් කළද පසුව එය ඉවත් කර ගෙන තිබුණි. එහිදී භූ කම්පනයේ අපිකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 300ක් දුරින් වූ වෙරළ කලාප වෙත පවා සුනාමි පැමිණෙනු ඇති බව ඔවුන් කලින් නිර්ණය කර තිබුණි. නමුත් මේ වනවිට සුනාමි අනතුර පහව ගොස් තිබේ.