කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා සමස්ත ලෝකයම සෝදිසියෙන් සිටිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ ප්‍රධානියා පවසා තිබේ.
ආචාර්ය මයිකල් රයන් මාරාන්තික වෛරසය පාලනය සඳහා චීනය දක්වා ඇති ප්‍රතිචාරය පැසසුමට ලක් කරමින් කියා සිටියේ, “අභියෝගය විශාල නමුත් ප්‍රතිචාරය අති විශාලයි” යනුවෙනි.
වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක්ද යන්න සාකච්ඡා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය බ්‍රහස්පතින්දා (30දා) රැස්වීමට නියමිතිව තිබේ.
චීනයේ වුහාන් නගරය මෙම වෛරසය ව්‍යාප්තිය ඇරඹි නගරය ලෙස සැලකෙයි. නමුත් වෛරසය මේ වනවිට චීනයේ පළාත් රැසක් වෙත පැතිර ගොස් ඇති අතර, තායිලන්තය, ප්‍රංශය, එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු ගෝලීය වශයෙන් රටවල් 16ක් දක්වා ව්‍යාප්ත වී තිබේ.
චීනයේ පුද්ගලයින් 130කට වැඩි පිරිසක් කොරෝනා ආසාධනයෙන් මියගොස් ඇති අතර 6,000 කට ආසන්න සංඛ්‍යාවක් ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටිති.