නව කොරෝනා වෛරසය අඛණ්ඩව ව්‍යාප්ත වීමත් සමඟ හොංකොං නගරය සහ චීනය අතර දේශසීමා ගමන් කප්පාදු කිරීමට හොංකොං සැලසුම් කර තිබේ.
චීනයේ මේ වනවිට පුද්ගලයින් 100කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව 4,500 කට වඩා වැඩි වී තිබේ.
දේශ සීමාව හරහා ගමන් කරන අධිවේගී දුම්රිය සහ දේශසීමා තරණය කරන යාත්‍රා බ්‍රහස්පතින්දා සිට අත්හිටුවන බව හොංකොං නායක කැරී ලැම් නිවේදනය කළේ මුඛ ආවරණයකින් සිය මුහුණ ආවරණය කරගෙනය.
මෙම වෛරසය චීනය පුරා ව්‍යාප්ත වී ඇති අතර, ලෝකයේ අවම වශයෙන් රටවල් 16ක් පුරා පැතිරී ඇත.
සඳුදා ජර්මනිය සහ ජපානය සනාථ කළේ චීනයට නොපැමිණි නමුත් වෛරසය වැළඳී ඇති අයෙකු සම්බන්ධ සිද්ධීන් වාර්තා වී ඇති බවයි.