කේම්බ්‍රිජ් ආදිපාදවරිය කේට් 37 වැනි උපන්දිනය සමරයි
බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුගේ බිරිඳ වන කේට් මිඩ්ල්ටන් කුමරිය අද (09දා) සිය 37 වැනි උපන්දිනයට පා තබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී සිය තෙවැනි දරු ප්‍රසූතිය ලෙස ලුවී කුමරු රජ පවුලට දායාද කළ කේම්බ්‍රිජ් ආදිපාදවරිය වෙනුවෙන් සුබපැතුම් එක්කර ඇති සියලු දෙනා වෙත ස්තූතිය පුද කිරීමට එම කෙන්සින්ග්ටන් මාලිගය කටයුතු කර තිබේ.
මෙම උපන්දිනය සිය ස්වාමියා වූ කේම්බ්‍රිජ් ආදිපාදවරයා වන විලියම් කුමරු මෙන්ම, ජෝර්ජ්, චාර්ලට් සහ ලුවී යන දරු තිදෙනා සමග සැමරීමට සූදානමින් සිටින බවද විදෙස් වාර්තා පවසයි.
මේ අතර, විලියම් හා කේට් දරු පවුලේ දෙවැනියා වන චාර්ලට් කුමරිය මෙම වසරේ මැයි මාසයේදී සිය සිව්වැනි උපන්දිනය සමරමින්, ලබන සැප්තැම්බරයේදී පෙර පාසල් අධ්‍යාපනයට ඇතුළු වීමට නියමිතව සිටියි.
මේ අතර, ජෝර්ජ් කුමරු ලබන ජූලි මාසයේ සිය 6 වැනි උපන්දිනය සමරනු ඇති අතර, ලුවී කුමරු ලබන අප්‍රේල් 23දා පළමු වැනි උපන්දිනය සමරනු ඇත.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

