ඔබාමා අතින් ඇමෙරිකාවේ ඉහළම පදක්කම් ලැබූවෝ
ඇමෙරිකානු සිවිල් පුරවැසියෙකුට පිරිනැමෙන ඉහළම ගෞරව සම්මානයක් ලෙස සැලකෙන 'මෙඩ්ල් ඔෆ් ෆ්‍රීඩම්' ජනාධිපති පදක්කම් 21ක් පිරිනැමීම ඊයේ (22දා) ධවල මන්දිරයේදී සිදුකෙරිණි.
වත්මන් ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා අතින් මෙම පදක්කම් පිරිනැමීම සිදුකෙරුණු අතර, ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමාද එම අවස්ථාවට එක්ව සිටියාය.
මෙහිදී, ජනාධිපතිවරයා අතින් ජනාධිපති පදක්කම් ලබාත් අය අතර, මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් මෙන්ම, බිරිඳ මෙලින්ඩා ද වූවාය.
ඔවුන් දෙදෙනා මෙන්ම, ඇමෙරිකාව වෙනුවෙන් විවිධ ක්ෂේත්රයන්හි කුසලතා දැක්වූ සුවිශේෂී පුද්ගලයන් 21 දෙනෙකු 'මෙඩ්ල් ඔෆ් ෆ්‍රීඩම්' සම්මානය ජනාධිපතිවරයා අතින් හිමිකර ගැනීමට සමත් වූයේ ධවල මන්දිරයේ නැගෙනහිර ශාලවේ පැවති විශේෂ උත්සවයකදීය.
මේ ආකාරයෙන්, ජනාධිපති සම්මාන පිරිනැමීමේදී ජනාධිපතිවරයා විසින්ම අදාළ පදක්කම් ගෙලෙහි පැළඳවීම සිදුකරන නිසා, මෙවර පදක්කම් පැළඳවීමේදී ඔබාමා මෙන්ම, ශාලාවේ සිටි සියලු දෙනා සිනහ සයුරක ගිල්වූ රසවත් අවස්ථා කිහිපයකටම ඔබාමා මුහුණදුන් බව විදෙස් වාර්තා පවසයි.
විශේෂයෙන්ම ගායිකා ඩයනා රෝස් වෙත පදක්කම පැළඳවීමේදී ඔබාමා මුහුණදුන් අකරතැබ්බ වචනයෙන් විස්තර කළ නොහැකි තරම් බවත් එම විදෙස් වාර්තා පෙන්වා දෙයි. මෙහි දැක්වෙන්නේ, එම පදක්කම් පිරිනැමීමේ උලෙළේ රසවත් අවස්ථා කිහිපයකි.











popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

