චීනයේ වුහාන් බලා අද (31දා) පිටත්ව යන ඉන්දියන් එයාර් ගුවන් යානයක් එම නගරයේ රැඳී සිටින ඉන්දියානුවන් 400ක් ආපසු ඉන්දියාව වෙත ගෙනඒමට කටයුතු කරන බව එම ගුවන් සමාගමේ කළමනාකාර අධ්යක්ෂවරයා පවසයි.
ඉන්දියානු වේලාවෙන් ලබන ඉරිදා අලුයම 2.00 පමණ වනවිට මෙම මගීන් නවදිල්ලියට ගොඩබසිනු ඇති බවත්, මගීන් පැමිණි වහාම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයත් නිරෝධායන ක්‍රියාවලිය සඳහා වැඩිදුර කටයුතු සිදුකරනු බව අධ්යක්ෂවරයා සඳහන් කරයි.
ඒ අනුව කොරෝනා වෛරසය ව්‍යාප්තිය ඇරඹුණු, මේ වනවිට වසා දමා ඇති වුහාන් නගරයේ සිටින සිය ජනතාව ඉවත් කර ගන්නා නවතම රට බවට ඉන්දියාව පත්වෙයි.
එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජපානය, දකුණු කොරියාව, ස්පාඤ්ඤ සහ ප්‍රංශය යන රටවල් මීට පෙර සිය ජනතාව රැගෙන එනු ලැබීය. මේ අතර වුහාන් සිටින ශ්‍රී ලාංකේය සිසුන් පිරිසද අද (31දා) දිනයේ වුහාන් නගරයෙන් ඉවත් කරගනු ඇති බවට විශ්වාසය පළ කෙරී තිබේ.