ඉන්දුනීසියානු යානා අනතුරින් කුඩා දරුවෙකුගේ දිවි ගැලවේ
ඉන්දුනීසියා සහ පැපුවා නිව්ගිනියා දේශසීමාවේදී සිදුවූ ගුවන් අනතුරකින් වයස අවුරුදු 12ක කුඩා දරුවෙකු පමණක් දිවි ගලවාගෙන තිබේ.
අද (12දා) උදෑසන කඳුකර ප්‍රදේශයකදී මෙම අනතුර සිදුව තිබුණු අතර, එහිදී යානයේ සුන්බුන් අසල මෙම දරුවා නිරුපද්‍රිතව සොයාගැනීමට හැකිවී තිබේ.
ස්විට්සර්ලන්තයේ නිෂ්පාදිත පිලාටුස් වර්ගයේ මෙම යානය ගුවන් පාලකයන්ගේ සංඥාවලින් මිදී අනතුරට ලක්ව ඇති අතර, එය ඔක්සිබිලි ගුවන් තොටුපොළ වෙත ගොඩබෑමට නියමිතව තිබූ බව කියයි.
යානයේ නියමුවන් දෙදෙනා සමග පුද්ගලයන් 9 දෙනෙකු යානයේ ගමන් කර ඇති අතර, කුඩා දරුවා හැර සෙසු සියලු දෙනා මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරට හේතුව පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බව ඉන්දුනීසියානු බලධාරීහු පවසන අතර, දරුවා බේරීම අදහාගත නොහැකි දෙයක් බවද ඔවුහු පවසති.
කෙසේ වෙතත්, අයහපත් කාලගුණය මෙම අනතුරට හේතුව වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

