ඇල්ජීරියා යානයේ දිවි ගලවාගත් කිසිවෙක් නෑ - යානයේ කළු පෙට්ටිය හමුවේ
                                 -  25 07 2014 
                                 -  19:02
                                 - {{hitsCtrl.values.hits}} views
                                  - නරේන් විශ්වජිත් 
                                
                            
                        
                        ඇල්ජීරියාවට අයත් එයාර් ඇල්ජෙරි ගුවන් සමාගමේ AH5017 මගී ගුවන් යානය මාලි හිදී කඩා වැටී ඇති බව තහවුරු වී ඇති බවත්, එහි ගමන්ගත් කිසිවෙකු දිවි ගලවාගෙන නොමැති බවත් ප්රංශ ජනාධිපති ප්රංශුවා හොලන්ඩේ පවසයි.
බුර්කියා ෆාසෝ සිට ගමන් අරඹා එම දේශසීමා ආසන්නයේදී මාලි වෙත කඩා වැටී ඇති යානයේ එක් කළු පෙට්ටියක් එම ස්ථානය වෙත ළඟා වූ ප්රංශ හමුදාවන් විසින් සොයාගෙන ඇති බවත් කියයි.
පසුගිය බ්රහස්පතින්දා සවස ගුවන් පාලකයන්ගෙන් යානයේ සංඥා ගිලිහී ගියේ දැඩි සුළි කුණාටුවකට යානය හසුව ඇති බව එහි නියමුවන් අවසන් වරට පැවසීමෙන් පසුවය.
මෙම යානයේ ගමන්ගත් පුද්ගලයන් 116 දෙනාගෙන් 51 දෙනෙකු ප්රංශ ජාතිකයන් වෙයි.
යානය සෙවීමේ මෙහෙයුමට 100කින් යුතු ප්රංශ හමුදා කණ්ඩායමක් යෙදවූයේ විශේෂ හමුදා රථ 30ක්ද සමගිනි.
	.jpg) 
	.jpg) 
	.jpg) 
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                