එක්සත් ජනපදයේ, ඇලබාමා ප්‍රාන්තයේ, මරීනාහි කුඩා නාවික යාත්‍රා රැසක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ස්කොට්ස්බෝරෝ හි ජැක්සන් කවුන්ටි උද්‍යානයේ මිනිසුන් නිදා සිටියදී මෙම ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති අතර, ලී තටාකයේ ඇලුමිනියම් වහළ කඩා වැටී ඇතැම් බෝට්ටු ගිලී ඇති බවද විදෙස් වාර්තා පවසයි.
මෙම අවස්ථාවේදී ජලයට පැනගත් හත් දෙනෙකු පසුව බේරාගෙන රෝහල්ගත කර තිබේ.
ගින්නට හේතුව කුමක්ද යන්න පැහැදිලි නොමැති වුවත්, අනතුරට හසුවූ තවත් පිරිස් සොයා ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පැවතිණි.
ගින්න එරට වේලාවෙන් අද (28දා) අලුයම 00:40 ට පමණ ආරම්භ වූ අතර, ටෙනසි ගංගාවේ වූ කුඩා යාත්‍රා ඇතුළු පොන්ටූන් දක්වා යාත්‍රා 35ක් ගිලී ගියේය. ජීවිතක්ෂයට පත්වූවන්ගේ අනන්‍යතා තවමත් තහවුරු කර නැත.
ස්කොට්ස්බෝරෝ ගිනි නිවීමේ ප්‍රධානී ජීන් නෙක්ලෝස් වාර්තාකරුවන්ට පැවසුවේ “මෙය අතිශයින්ම විනාශකාරීයි. මම මෙතෙක් දැක ඇති ඉතාම විනාශකාරී සිදුවීමක්." යනුවෙනි.
සමාජ මාධ්‍යවල පළ වූ ඡායාරූවල දැක්වුණේ යාත්‍රා පේළියක් ගිනිගෙන ඇති බවයි. මෙම යාත්‍රාවල වූ ගෑස් ටැංකි නිසා මෙම ගින්න වර්ධනය වූ බවක් විශ්වාස කෙරෙයි.