ඇමෙරිකානු කඳවුර වෙත ඉරාන ප්‍රහාරයෙන් සෙබලුන්ට හානියක්
ඉරාකයේ එක්සත් ජනපද කඳවුරට ඉරානය එල්ල කළ ප්‍රහාරයකින් පසු එක්සත් ජනපද භටයින් 34 දෙනෙකුට කම්පන සහගත මොළයේ තුවාල (TBI) ඇති වී තිබෙන බව පෙන්ටගනය පැවසීය.
මෙම ප්‍රහාරයෙන් පසුව හමුදා සෙබලුන් 17 දෙනෙකු තවමත් වෛද්‍ය පරීක්ෂාවට ලක්ව සිටින බව ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
එක්සත් ජනපද ඉරාන ජෙනරාල්වරයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පළිගැනීමක් ලෙස පැමිණි ජනවාරි 8 එල්ල කළ ප්‍රහාරයෙන් ඇමෙරිකානුවන් කිසිවෙකුට තුවාල සිදු නොවූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණි.
ට්‍රම්ප් ඉරානයට එරෙහිව නැවත ප්‍රහාර එල්ල නොකිරීමට ගත් තීරණයද මෙසේ ඇමෙරිකානුවන්ට තුවාල නොමැති තීරණය බල පෑ බවද කියවුණි.
මේ සතියේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සමුළුවේදී මේ සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, "මා දැක ඇති අනෙකුත් තුවාලවලට සාපේක්ෂව ඒවා ඉතා බරපතල තුවාල ලෙස මා සිතන්නේ නෑ" යනුවෙනි.
පෙන්ටගනය පවසන්නේ අයින් අල් අසාද් කඳවුරට ඉරාන මිසයිල ප්‍රහාරයෙන් ඇමරිකානුවන් කිසිවෙකු මිය නොගිය බවත් මිසයිල වැසි ඇද හැලෙන විට බොහෝ භට පිරිස් බංකරවල රැකවරණය ලැබූ බවත්ය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

