සමේ අලවන බෙහෙත් හරි විදිහට පාවිච්චි කරන්නේ මෙහෙමයි
බෙහෙත් කීවම ඔබ දන්නේ මුඛයෙන් ගන්නා, එන්නත් මගින් ගන්නා සහ සමේ ආලේප කරන බෙහෙත් වර්ග පමණක් විය හැකියි. නමුත් බෙහෙත් විවිධාකාර ක්‍රමවලින් සිරැරට සහනය සලසන බව තමයි ඇත්ත. සමේ අලවන බෙහෙත්, පැච් වර්ග වලින් වැඩිපුර ප්‍රයෝජනයක් ලබන්න නම් ඒවා භාවිතය ගැන හොඳින් දැන සිටීම වැදගත්.
සමේ ඇලවීම සඳහා නිපදවා ඇති ඖෂධ (glyceryl trinitrate patch) ( GTN ) භාවිත කරන විට සැලකිලිමත් විය යුතු කරැණු සම්බන්ධයෙන් ඔබට ප්‍රයෝජනවත් විය හැකි මේ කුඩා සටහන හොඳින් කියවා බලන්න.
පළමුව සම පිරිසුදු කර වියළා ගත යුතුය. එමෙන්ම ඒ සඳහා රෝම කූප අඩු ප්‍රදේශයක් වීම සුදුසු වේ. නමුත් එය ඇලවීම සඳහා තෝරාගන්නා ප්‍රදේශයේ කැලැල් සිරීම්, තුවාල හෝ ආසාදිත බවක් නොතිබිය යුතුය.
අලුත් බෙහෙත් පැච් එක ඇලවීමට ප්‍රථම කළින් ඇලවූ එක ගලවා ඉවත් කර සිටිය යුතුය. අලවා ඇති පැච් එක හොඳින් ඇලවෙන්නේ නැති නම් හෝ බුරැල් වී ඇති නම් හෝ ගැලවී ගියහොත් අලුත් එකක් ඇලවීමට වගබලා ගතයුතුය.
පැච් එක ඇලවීමට සමේ එකම තැන වෙනුවට විවිධ තැන් භාවිත කිරීමෙන් සමේ එක් ප්‍රදේශයක් ආසාදනය වීම වළක්වා ගත හැකිය. පැච් එක කැපීම හෝ කැබලි කිරීම නොසුදුසුය. එසේ කිරීමෙන් නිවැරදි මාත්‍රාව ශරීර ගතවීම සිදුනොවන අතර අපේක්ෂිත ප්‍රතිඵලය නොලැබී යන්නට ඉඩ තිබේ.
ඔබ බලාපොරොත්තුවන ගුණය අඩු නම් ඒ සම්බන්ධයෙන් ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීම වැදගත්ය. මෙම ඖෂධ නිවැරදි අසුරණ තුළ නිවැරදි ආකාරයට ගබඩා කර නොතැබුවහොත් ගුණ මැකීයාමට ඉඩ පවතින බවද සිහිතබා ගන්න.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

