සන්ධිවේදනා මෙකළ බොහෝ දෙනෙකුට බහුලව පවතින බව කිවහොත් එය බොරුවක් නොවේ. මෙකළ කුඩා දරුවනුත් සන්ධි වේදනා ගැන පැමිණිලි කරන විට ඇතැම් වැඩිහිටියන් ඒ ගැන මවිතය පළ කරන අවස්ථාත් තිබෙනවා. සන්ධිවේදනා සම්බන්ධයෙන් බෙහෙත් කර එපා වී සිටින අයට තමන් ඒ ගත්තු ඖෂධ නියමිත රෝගය හඳුනාගෙන ගත් එකක්ද යන්න පළමුව සිතා බලන්න යැයි අද ආයුර්වේද වෛද්‍ය මතය තුළින් සැකසෙන සෞඛ්‍ය පිටුවෙන් ඔබට ඇරයුම් කරමු.. පළමුව මේ කරුණු හොඳින් කියවා බලා ඔබ සන්ධිවේදනා කැක්කුම්වලදී ක්‍රියා කළ ආකාරය හරි දැයි බලන්න.
අතපය කැක්කුම් එහෙමත් නැතිනම් කොන්දෙ කැක්කුම් උරහිස් වේදනා තුනටියෙ වේදනා ගැන පැමිණිලි කරන අය දැන් දැන් බහුල බව නිතර දකින්නට ලැබෙන තත්ත්වයක්. වයස් භේදයක් නැතිව මෙහෙම වේදනාවක් මතුවෙන්න හේතුව කුමක්ද යන්න හොයද්දී ඇතැම් විට ඒවා ඔබ ගත් ආහාර හා ඔබේ වැරදි ඇවතුම් පැවතුම් එහෙමත් නැතිනම් සමහර ප්‍රතිකාරවල අතුරුඵලයක් ලෙස මතුවිය හැකියි. ඔබ ගන්නා මේ කුමන ආහාර පානයක් ඖෂධයක් වුවත් අවසාන ප්‍රතිඵලය වනුයේ එයින් අවශෝෂණය කරගන්නා දෑ රුධිරයට එක්වීමයි.
මෙසේ යම් යම් දෙයින් දූෂිත වූ රුධිරය සිරුරේ හැම අස්සක් මුල්ලක් නෑරම පැතිරීම නිසා ඒවාවලින් නිපදවෙන විෂ ඒ ඒ අවයව වල ඇතැම් අවස්ථාවලදී තැන්පත්වීම හෝ ක්ෂයවීම සිදු විය හැකියි. මෙය ශරීර අභ්‍යන්තරයේ සිදුවන දෙයක්. පියවි ඇසින් නොපෙනෙන නිසා එය ගැන එතරම් අවධානයක් නොදක්වන්නට ඉඩ තිබෙනවා. කුඩා දරුවෙකුගේ ආහාර වේල් ගැන විමසුවහොත් අද වඩාත් දරුවාගේ ආහාර වේල තුළ ඇත්තේ කෘතිම ආහාර හෝ සුද්ද කළ පිටි සීනි වැනි දෙයයි. ඇතැම් විට මේ ආහාර භාවිතාව නිසා අදවන විට දරුවන් පිළිකා රෝගවලට ගොදුරුවීමට පාර සකස්වීමට අමතරව දියවැඩියා තත්ත්වයන් අධික මේදය නිසා අධි තරබාරුවට පත්වීම වැනි තත්ත්වයන් දැකිය හැකි අතර ශරීරයට ව්‍යායාම මද කම හේතුවෙන් ඔවුන් ස්ථුලතාවයට පත්වීමද දැකිය හැකිය.
තරබාරු වෙන්නට වෙන්නට ක්‍රියාශීලිත්වය හීන වෙන මේ දරුවන් යම් කය වෙහෙසෙන යමක් කළ විට හන්දි වේදනා ඇතිවන්නේ යැයි පැමිණිලි කර හැකිතාක් අලසව හිඳීමට උත්සහ දරන්නට පුලුවන. මෙසේ හිඳීමෙන් සිරුරට ආහාර හරහා ගන්නා කැල්සියම් නිසි පරිදි අස්ථිවලට උරාගන්නට පහසුකම් නැති වී යයි. එවිට අස්ථි වැඩෙන වයසේදී ආහාර තුළින් ලබාගන්නා කැල්සියම් අස්ථිවලට උරාගන්නට අවශ්‍ය කරන ව්‍යායාම මද කම හේතුවෙන් සවිමත් අස්ථි ඇතිවීමේ ඉඩ කඩ ඇහිරී යන්නට පුලුවන.
එවිට එවැන්නන් ඉක්මණින් අස්ථිවල ගැටලුවලට මුහුණ දෙන්නට ඉඩ තිබේ. වැඩිහිටි බොහෝ දෙනා අස්ථි සම්බන්ධයෙන් තමන් ගේ සිරුර තුළ එක් රැස්වෙන නොයෙකුත් රසායනිකයන් හේතුකොට ගෙන සිරුරේ ඇතිවන රක්ත දෝෂ බලපාන්නේ යැයි කිසිවිට නොසිතයි. යම් අයුරකින් අස්ථිවල වේදනාවක් ඇතැයි දැනුණහොත් අධි කැල්සියම් සහිත කිරි වර්ග හෝ විටමින් වර්ග සොයනු විනා ස්වභාවික ආහාරයේ පවතින කැල්සියම් සහිත ආහාර ගැන උනන්දු නොවෙයි. නමුත් වැඩිහිටි වූවාට පසු අමතරව කැල්සියම් ලබා ගැනීමෙන් අස්ථිවලට අමුතුවෙන් කැල්සියම් ඇතුලුකරන්නට සමත් ක්‍රමයක් නැත.
අස්ථිවල වේදනා ඇතිවීම ඇතැම් අය වරදවා වටහා ගන්නා අවස්ථාද පැවතිය හැකිය. අත නමන්න බැහැ පිට රිදෙනවා. කකුල නවන්න බැහැ තුනටිය රිදෙනවා වැනි කතා අපට ඇසෙන්නේ එවන් අවස්ථාවලදීය. මෙසේ ඇතිවන වේදනා හැමවිටම අස්ථිවල වේදනා නොවන්නට ඉඩ තිබේ. ඇතැම්විට මේවා හදිසියේ සිරුරේ ඇති වූ වෙනත් රසායණික ක්‍රියාවලියක හේතුවෙන් ඇති වූ මස් පිඬු වේදනාවක් නැති නම් මාංශ පේශිවල ගැටලුවක් වෙන්නට ඉඩ තිබේ.
නමුත් අප කවුරුත් පාහේ අත පය කැක්කුමක් ඇති විට මුලින්ම කරනුයේ කුමන හෝ බාම් වර්ගයක් ගෙන තැවරීමයි. එයින් මද වේලාවකට යම් සහනයක් ලබන්නට හැකිවන්නේ පෙර කී මාංශ පේෂී ආදී තැනක යම් ගැටලුවක් ඇතිවිට පමණය. අස්ථි සම්බන්ධ රෝගයකදී එසේ වේදනා නාශක ආලේප රෝග සුවයට ආධාරකයක් නොවේ. රක්තවාතය වැනි තත්ත්වයකදීද මෙසේ යම් වේදනාවක් දැවිල්ලක් ආදී තත්ත්වයක් මතු විය හැකි අතර එය ආතරයිටිස් ලෙස සලකා බෙහෙත් කරතොත් එයින් රෝගයට සුවයක් නොලැබෙනු ඇත.මේ නිසා ආතරයිටිස් රෝගයද රක්තවාතයද නොඑසේ නම් එය මාංශ පේෂී තුළ ඇති වූ කිසියම් විෂ හෝ කැල්සියම් එක් රැස්වීමක් ද යන්න නිවැරදිව විනිශ්චය කරගත යුතුව තිබේ.
ඇතැම් විට සෙම තත්ත්වයක් ඇති වී එය උග්‍ර වූ විට කිසියම් අයෙකුට තදින් අස්ථි වේදනාවක් ඇති විය හැකි බව පැවසුවහොත් එය ඔබේ මවිතයට හේතුවනු ඇති. සිරුර ආසාදිත තත්ත්වයකට පත් වූ විට එවන් වේදනාවක් මතුවෙන්නට ඉඩ තිබේ. මෙවන් අවස්ථාවකදී වෛද්‍යවරයා ඔබේ සම්පූර්ණ රුධිර පරීක්ෂණ වාර්ථාවක් පරීක්ෂා කර බලන්නට අවශ්‍ය බව පැවසුවහොත් එය මවිත විය යුතු කරුණක් නොවේ. එහි ඉසිනොෆීලියා ප්‍රමණය අනුව මෙය කිසියම් ආකාරයක සෙම ආශ්රිත ආසාදනයක්ද යන්න නිගමනයකට එළැඹිය හැකිය.
මෙවන් අවස්ථාවක ඔබ ගන්නා ආහාර සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්නට සිදුවෙනු ඇත. බොහෝ දෙනෙක් ඇසිඩි සහිත ආහාර වර්ග සහ තෙල් සහිත ආහාර අධික පැණි රස සහිත ආහාර ආදියට නිරන්තරයෙන් හුරු වී සිටීම හේතුවෙන් සිරුරේ ක්‍රියාකාරී රටාව අවුල් කරගෙන තිබෙන්නට පුලුවන. නිතර නිතර විනාකිරි තක්කාලි සහ සකස් කළ ආහාර පාන සමග ගනුදෙනු කරන අයෙක් නම් ඔබේ සිරුරේ රුධිර ධාතුව උෂ්ණාධිකවීමෙන් ඔබේ අසනීපය ආරම්භ වී ඇති බව හොඳින්ම දැනගන්නට පුලුවන. මෙවන් අවස්ථාවක බොන බෙහෙත් ආධාරයෙන් ප්‍රතිකාර සැලසීම යම් තරමක ප්‍රමාදයක් සිදුවෙන්නට ඉඩ ඇතත් ඉන්දියානු ආයුර්වේදය තුළ ඇති විශ්මිත ඖෂධවලින් මේ තත්ත්වය තුළ පවතින තීව්‍රතාව එක දිනකින් අඩු කළ හැකිය.
මේ සඳහා රෝගියා කෙතරම් කාලයක සිට මේ වේදනා සහ කැක්කුම්වලින් පෙළෙන්නේද යන්න වැදගත්. කෙටි කාලීන තත්ත්වයක් නම් ඇතැම් විට එක් ප්‍රතිකාරයකින් මේ තත්ත්වය එකෙනෙහිම සුව කළ හැකි යැයි වෛද්‍යවරයා පවසනවා.කෙසේවුවත් මේ ප්‍රතිකාර මුඛ මාර්ගයෙන් ලබානොදී සම ආශ්‍රිතව ගැල්වීම සිදු කර ස්නානය කිරීමට සැලැස්වීම තුළින් සිදුකෙරෙන්නක්. මේ සඳහා ඉන්දියානු ආයුර්වේදීය තෙල් වර්ග සහ කස්තුරි භාවිත කෙරෙනවා. වේදනා කැක්කුම්වලින් සහනයට මේ ක්‍රමය නොවරදින එකක්. ශිත කාලගුණයක් පවතින විට සන්ධිවේදනා වැඩි පුර මතුවෙන බව ඔබ අත්දැක ඇති.
එයට හේතුව ආයුර්වේදයේ ත්‍රිදෝෂ ලෙස සැලකෙන වා පිත් සෙම් කෝපවීමයි. වාතය පිත සහ සෙම මුල්කොට ගත් විවිධ ව්‍යාධීන් රාශියක්ම පවතින බැවින් නිසි රෝග පරීක්ෂාවකට ලක්වීමෙන් තොරව රෝගියාට ඇත්තේ කිනම් තත්ත්වයක්ද යන්න පැවසීම අසීරු බැවින් සම්පූර්ණ රුධිර පරීක්ෂණ වාර්ථාවක් සමග පැමිණ පරීක්ෂාවට ලක්වීම වැදගත්. එය ඉක්මන් ප්‍රතිකාර තීරණයට පහසුවක්. ඇතමුන් මෙවන් වේදනා කැක්කුම්වලින් සහනය පතා සමහරුන් හොඳ යැයි පවසන ආහාර පාන කැඳ වර්ග ආදිය භාවිත කරති. නමුත් රෝගය හරි හැටි හඳුනානොගන එවන් ආහාර විහරණ භාවිතය රෝගය උත්සන්නවීමටද හේතු සපයන්නට ඉඩ තිබේ.
හේතුව වාතය මුලු කරගත් තත්ත්වයක් නම්. වාතය ඇවිස්සීමට වැඩි ඉඩක් ඇති ආහාර මෙවන් රෝගීන් බැහැර කළ යුතුය. මුං ඇට, කඩල, සහ එළවළු වර්ගවලින් වට්බටු වැනි දෑ එයින් විශේෂය. එසේම සෙම සහිත තත්ත්වයක් නිසා හට ගැනුන එකක් නම් ශීත ගුණයෙන් යුතු දෑ ආහාරයට ගැනීමෙන් එය වඩාත් උත්සන්න විය හැකිය. රුධිරයේ විෂ වීමක් හේතුවෙන් රක්ත රෝගයක් ලෙස මතු වූ තත්ත්වයක් නම් එය උෂ්ණ ගුණයෙන් යුතු ආහාර නිසා විය හැකිය.
මේ නිසා හිතුමතයේ ආහාර හෝ ඖෂධ සකසාගන්නට පළමු නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම උගත් වෛද්‍යවරයෙකු වෙත ගොස් රෝග නිධානය හඳුනාගත යුතු වෙයි. මෙවන් වේදනා කැක්කුම සම්බන්ධයෙන් ඔබට පවතින ගැටලු නිරාකරණය කරගන්නට ඉන්දියානු පාරම්පරික හා දේශීය ආයුර්වේද වෛද්‍ය පී බාලසුභ්රමනියම් මහතා දුරකථන අංක 077 7 404 295 න් ඇමතිය හැකි අතර මේ දිනවල පවතින අධික සීතල හේතුවෙන් ඇතිවන අපහසුතාවයන් හේතුවෙන් ඇතිවන මස් පිඩු වේදනා සමනය සඳහා රාත්‍රි කාලයේ දෙපා ආවරණය වන ලෙස මේස් දෙකක් පළඳින්නැ, යි වෛද්‍ය අවවාදයයි.