පිළිකා රෝග වර්තමානය වනවිට ඉතා සුලබ තත්ත්වයක් බවට පත් වී තිබෙනවා. මේ නිසාම ඔබේ ශරීරයේ සිදුවන සියලුම ආකාරයේ වෙනස්කම් ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි.වාර්ෂිකව ලොව පුරා අලුතින් හමුවන මිලියන 1.4 ක් වන බඩවැල ආශ්රිත පිළිකාවලට ලක් වූ පුද්ගලයන් නිසාම බඩවැල ආශ්රිත පිළිකා තත්ත්වය ලොව බහුලව වැලඳෙන පිළිකා ලැයිස්තුවේ තුන්වැනි තැනට පත්ව තිබෙනවා.
මේ නිසාම සෞඛ්‍ය බලධාරීන් නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. ඒ මළපහ පිළිබඳ අවධානය යොමු කෙරෙන වගුවක්.මළපහ වර්ණය, ස්වභාවය ආදිය තුළින් පිළිකාමය අවදානමක් පවතීද යන්න තම තමාටම පරීක්ෂා කර බැලීමට මින් පහසුවක් සපයන බවයි එංගලන්තයේ රම්සේ හෙල්ත් ඩෙයා ආයතනයේ බඩවැල් ආශ්රිත පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආෂ් ගුප්තා සඳහන් කර තිබුණේ.
මෙම නව වගුවට අනුව මළපහවල ස්වභාවය මෘදු සොසේජ් කරලක හැඩය හෝ රැලි බෙදුණු ස්වභාවයක් ගනී නම් එය නිරෝගී තත්ත්වයක් බව සඳහන් වෙනවා.එසේම තලපමෙන් හෝ දියරමය ගතියෙන් යුතුව මළපහ සති තුනකට වඩා පිට වේ නම් පිළිකාමය ලක්ෂණයක් විය හැකි බැවින් වහාම වෛද්‍යවරයෙකු වෙත යා යුතු බවත් ඔහු සඳහන් කරනවා.
තවද මළපහ සමග රුධිරය පිටවීම, මළ පහ රතු හෝ කළු ස්වභාවයක් ගැනීම ආදී ලක්ෂණ පහළ වේ නම් එයද බඩවැල ආශ්රිත පිළිකාවක ලක්ෂණ විය හැකි බැවින් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් පැතිය යුතු බව එම වගුවේ සඳහන් වෙනවා.
එසේම බඩවැල ආශ්රිත පිළිකා තත්ත්ව වළක්වාගැනීම වෙනුවෙන් ඇල්කොහොල් භාවිතයෙන් ඉවත් වීම, තෙල් සහිත ආහාර හා මස් වර්ග ආහාරයට ගැනීම අවම කිරීම සිදු කළ යුතු බවද දැක්වෙනවා.එසේම එළවළු, පලතුරු හා මාළු වර්ග ආහාරයට ගැනීම ආහාර මාර්ගයේ නිරෝගිතාවට හේතුවක් බවද එහි සඳහන්.