දූවිලි නිසා ඇදුම රෝගය වැඩිවෙන්න පුළුවන්
ඩස්ට් මයිට් ?? ඒ කවුද ඔබටත් පුංචි ප්‍රශ්නයක් ඇතිවෙන්න පුලුවන්. ඩස්ට් මයිට් කියන්නේ දූවිලි මැක්කන් විශේෂයක්. මේ කුඩා ජිවීන් පියවි ඇසට නොපෙනෙන නිසා අපි ඒ තරම් ඩස්ට් මයිට්ලා ගැන නොදන්න බව තමයි ඇත්ත කතාව. ඩස්ට් මයිට් කොයිතරම් කුඩාද කියනවා නම් ඌගේ ප්‍රමාණය මිලි මීටරයකිනුත් තුනෙන් එකක් පමණ. මේ තරම් පුංචි මේ සත්තුන් කොහෙද ඉන්නේ ? ඔබටත් මෙහෙම හිතේවි.
මේ සතුන් ඉන්නෙත් ඔබත් එක්ක ඔබේ ගෙදරමයි.කොතැනද ඉන්නේ කියලා ඇහුවොත් ඔබේ දරුවාට ගෙවිත් දී තිබෙන රෙදිවලින් හැදූ සෙල්ලම් බඩු ඇඳ ඇතිරිලි, මෙට්ට කාර්පට්, ආදී දේ තුළ මේ සත්තු ඉන්නවා. ඇදුම රෝගය පවතින බොහෝ දරුවන් රෝගය උත්සන්න වෙන්නේ මෙවැනි ඩස්ට් මයිට් ලා හේතුවෙන්. මේ නිසා නිරන්තරයෙන් ඔබේ දරුවන් ගැවසෙන තැන්වලින් මෙවැනි දෑ ඈත්කර තබනවා මෙන්ම ඒවා නිරන්තරයෙන් පිරිසුදු කරන්නට වග බලා ගත යුතුයි.
ඔබේ නිදන කාමරයේ පවතින විදුලි පංකාවේ උඩ පැත්ත බොහෝ විට ඔබේ අවධානයෙන් ගිලිහෙන තැනක් .මේ හේතුව නිසා එය නිතර පවිත්‍රකරන්න ඔබ උත්සහ දරන්නේ නැහැ. මේ හේතුවෙන් විදුලි පංකාවක්රියාත්මක කරන වාරයක් පාසා මේ දූවිලි කැලතෙන්නටත් විසිරෙන්නටත් පටන් ගැනීම නිසා ඒ දූවිලි තුළ වෙසෙන ඔබේ ඇදුම රෝගය උත්සන්න කරන්න හේතුවන ඩස්ට් මයිට්ලා ඔබේ ස්වසන මාර්ගය තුළින් ඇතුලු වෙන්නට පුලුවන්.
මේ නිසා ඔබේ නිදන කාමරයේ විදුලි පංකා ක්‍රියාත්මක වෙනවා නම් ඒවා නිතර පවිත්‍රව තිබිය යුතුයි. එමෙන්ම නිදන ඇඳ යට කිසිම දෙයක් තබන්නට එපා. ඒවායේ බැඳෙන දූවිලිත් කැළතීම හරහා ඩස්ට් මයිට්ලාට විසිරෙන්නට පුලුවන්.
ඇදුම රෝගයේ ප්‍රධානතම ලක්ෂණය වනුයේ අධිකව ඇතිවන කැස්සයි. විශේෂයෙන් රෑ මැදියමේ සිට පාන්දර වෙන තුරු එක දිගට කැස්ස ඇතිවෙනවා නම් එය ඇදුම රෝගයේ ලක්ෂණයක් ලෙස සලකන්නට පුලුවන්. නමුත් ඇදුම හැදෙන්න ඩස්ට් මයිට්ලාම පමණක් ඉන්න ඕන නැහැ. ඇතැම් මල්වල පරාග විසිරෙන විටත් ජලවාෂ්ප ප්‍රමාණය අධිකවන විටත් සමහර ආහාර නිසා මෙන්ම සුරතල් සතුන්ගේ ලොම් නිසාත් ඇදුම උත්සන්න වෙන්නට පුලුවන්. බොහෝ විට ඔබ එතරම් නොසලකන නමුත් කැරපොත්තන්ටත් ඇදුම රෝගය උත්සන්න කරන්නට හැකියාව පවතිනවා.
ඇදුම රෝගය නිසා ඇතිවන හුස්ම ගැනිමේ අපහසුතාවය නිසා බොහෝ මවුවරු දරුවන්ට ආහාර ලබාදීමේදී විවිධ ආකාරයෙන් ප්‍රවේශම් කරන්නට ගොස් දරුවාට පෝෂ්‍යදායක ආහාර වේලක් ලබාදීම අතපසු කරන්නට පුලුවන්.
එසේ ලබාගත් පසු රෝගය උත්සන්න වෙන ආහාර සීමා කර දරුවාට හොඳ පෝෂණ තත්ත්වයක් ඇතිකරන්නට වග බලා ගත යුතුයි. දැන් අපි ඒ සඳහා පවතින ප්‍රතිකාර සම්බන්ධයෙන් විමසා බලමු. වඩාත් ප්‍රතිඵලදායක ප්‍රතිකාරය ලෙස මෙහිදී අවදානයට පාත්රවනුයේ ඉන්හේලරයයි. එය මේ සඳහා ඉතා ඉක්මන් සහනයක් සැලසිය හැකි ප්‍රතිකාර ක්‍රමය වන අතර ගිලින බෙහෙත් වලින් ඉන්හේලරය මෙන් කඩිනම් සුවයක් බලාපොරොත්තු නොවිය හැක්කේ එම ගිලින ඖෂධ රුධිරයට එක්වී අදාල සහනය ලැබීම මද වේලාවක් ගත වන නිසයි.
කෙසේ නමුත් ඉන්හේලර වුවත් රෝගියෙකු දීර්ඝ කාලීනව ලබාගත යුතු නොවේ. ඖෂධ භාවිතාව ගැන තව දුරටත් සඳහන් කළහොත් ස්ටීරෝයිඩ ගණයේ ඖෂධ භාවිතයෙන් ඈත්වෙන්න. වෛද්‍යවරයාගෙන් ඔබට ලබා දී ඇති ඖෂධ සම්බන්ධයෙන් විමසා සිටීමේ අයිතිය ඔබ සතුය. එබැවින් ස්ටීරොයිඩ වර්ගයේ ඖෂධ ඔබට දී ඇත්නම් ඒවා වෙනුවට වෙනත් ඖෂධ නියමකරවා ගන්න.
ස්ටීරොයිඩ කාණ්ඩයේ ඖෂධ දිගින් දිගටම ගැනීම නිසා අසාමාන්‍ය ලෙස බර වැඩි වීම, මුහුණ පිම්බී ඇති ආකාරයක් දැක්වීම, අනවශ්‍ය ලෙස රෝම වර්ධනය වීම, පසු කාලෙක අධි රුධිර පීඩනය ඇතිවන්නට ඇති ඉඩ කඩ, දියවැඩියාව, අස්ථි දිරායාම, වැනි අතුරුඵල ඇතිවිය හැකිය. නමුත් ඒවා ඇතිවන්නෙ මදක් කල් ගතවන්නට හැර බව මතක තබාගන්න.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

