කෝපි හා කැෆේන් අඩංගු පානයන් අධිකව භාවිතයට ගැනීම ගබ්සාවන්ට අත වැනීමක් බව නවතම පර්යේෂණ වාර්තා සඳහන් කරනවා.
ඇමෙරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතනයේ (National Institutes of Health) පර්යේෂණ කණ්ඩායමක් මෑතකදී සිදුකළ පර්යේෂණයකදී සොයාගෙන ඇත්තේ ගැබ් ගැනීමට පෙර මෙන්ම ගර්භිණි මුල් කාර්තුවේ කැෆේන් අඩංගු පාන වර්ග භාවිතය ගබ්සාවට හේතුවිය හැකි බවයි.
විශේෂයෙන් දිනකට කෝපි කෝප්ප දෙකක් පමණ පානයට හුරුවී සිටින අයට මෙම තත්ත්වය ඇතිවීමේ වැඩි ඉඩක් ඇති බව ඔවුන් පවසන්නේ.
2005 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා රටවල් 12ක යුවළ 501 ක් සහභාගි කරවාගෙන ඔවුන් සිදුකළ මෙම පර්යේෂණයේ අරමුණ වී තිබුණේ ජීවන පුරුදු හා පාරිසරික බලපෑම් සාඵල්‍යතාව කෙරෙහි බලපාන්නේ කෙසේද? යන්නයි.
මෙහිදී දරුවන් බලාපොරොත්තුවෙන් සිටි එම යුවළ 501 දෙනාගේ දුම්වැටි භාවිතය, විටමින් වර්ග භාවිතය, කැෆේන් අඩංගු පාන භාවිතය පිළිබඳ අවධානය යොමුකර තියෙනවා.
ඒ අනුව ඔවුන් පවසන්නේ කැෆේන් මගින් ගබ්සාවන් ඇතිවීමට ඉඩක් පවතින ලෙසටම, යුවළකගේ මදසරු බවටත් එය හේතුවිය හැකි බවයි.