උපත් පාලනය සඳහා වන ඖෂධ හා එන්නත් සියල්ලක්ම පාහේ මෙතෙක් අනුගමනය කරන්නට සිදුවූයේ කාන්තාවන්ටයි. මන්දයත් වඳ සැත්කම් හා උපත් පාලන කොපු ආදිය පමණක් පිරිමින් වෙනුවෙන් උපත් පාලනයට හඳුන්වාදීම නිසාවෙනි.
කෙසේ වෙතත් උපත් පාලන පෙති වර්ග, එන්නත් වර්ග කාන්තාවන්ට පමණක් උරුම වූ කාලය නිමා කිරීමට කැලිෆෝනියානු ලාභ අපේක්ෂා නොකරන පදනමක් සමත් වී සිටියි.
ඒ අවුරුද්දක පමණ කාලයක් ශුක්රාණු අවහිර කළ හැකි උපත් පාලන එන්නතක් වන ‘Vasalgel’ නමින් නුදුරේදීම වෙළෙඳ පොළට හඳුන්වාදීමට නියමිතය.
මෙම එන්නත ලොව පුරා කාන්තාවන්ගේ සිහිනයක් සැබෑවීමක් බවට නම් කර තිබෙයි.
මෙම හයිඩ්රොජෙලමය එන්නත පුරුෂයෙකුගේ වෘෂණ නාලවලට එන්නත් කරන අතර එයින් වෘෂණ කෝෂවලින් ශුක්රාණු ගමන් ගන්නා මාර්ගය අවහිර කිරීමක් සිදු කෙරෙන බව සඳහන් වේ.
හෝමෝන එන්නත් කිරීමක් මින් සිදු නොවන නිසා අතුරු ආබාධ අඩු බවත් වාර්තා වෙයි.
මේ මගින් ලොව පුරා සිදුවන මිලියන 85 ක් සමග වන සැලැසුම් නොකරන ලද උපත් ඉදිරියේදී අඩු කරගත හැකි බවට අපේක්ෂා කරයි.