කුරුලෑ කඩන්න එපා
විශේෂයෙන් පිරිමි පක්ෂයේ අයට වඩාත් තදින් ඇතිවන ගැටලුවක් ලෙස කුරුලෑ හඳුන්වන්නට පුලුවන. තරුණියන්ටත් කුරුලෑ ඇතිවීම ගැටලුවක් වුවත් තරුණයන්ට කුරුලෑ ඇතිවීම රැවුල කැපීමේදී කුරුලෑ කැඩී යාම වැනි ගැටලු නිසා තරමක වැඩි බවක් දකින්නට පුලුවන්. කවුරු වුණත් නාසය මත කුරුලෑ ඇතිවුණොත් ඒවා කඩන්නට උත්සහ දැරීම නම් ඒ තරම් සුදුසු නැහැ.
අනෙක මෙසේ නාසය මත ඇතිවන කුරැලෑ ඉතාම වේදනාකාරීයි. මෙසේ වූ විට සමේ ඇති විෂබීජ නාසය සෑදී ඇති කාටිලේජ දක්වා පැතිර යන්නට ඉඩ තිබෙනවා. උඩු තොලේ සහ නාසයේ අපිරිසුදු රුධිරය හෘදය වෙත ගෙනියන ශිරාවලින් සමහරක් කපාල කුහරයේ ඇති ශිරා සමග සම්බන්ධය. ඒ නිසා මේ ශිරා දිගේ විෂබීජ කපාල කුහරය තුළට පැතිර යාමේ අවධානමක්ද ඇත. එය ඉතාම භයානක තත්ත්වයකි.
මේ නිසා මුහුණේ නාසය අවට ඇති ප්රදේශය අවදානම් කලාපයක් ලෙසද හැඳින්වෙයි. එම ප්රදේශයේ කුරුලෑ මිරිකා හැරීමෙන් ආසාදනය ඇතුළට පැතිර යා හැකියි. මේ නිසා නාසය හා ඒ අවට පැසවූ කුරුලෑ ඇතිවීම ඉක්මණින් ප්රතිකාර ලැබිය යුතු තත්ත්වයක් සේ සලකන්න. දියවැඩියා රෝගය සහිත අයෙකු නම් ඔහුගේ විෂබීජ පැතිරීමේ අවදානම වැඩි නිසා රෝහල් ගත කර ප්රතිජීවක ලබා දිය යුතු බව අමතක කරන්න එපා!
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


