සෞඛ්‍ය සම්පන්න හෙටක් වෙනුවෙන් Good Market
වර්තමාන සමාජය තුළ හොඳ දේ, වටිනා දේ බැහැර කොට, නොවටිනා, නරක දෑ වෙනුවෙන් වැඩි ඉඩක් වෙන්කරන බව නිතරම කතාබහ වන කාරණයකි. නමුදු ඒ අතර වටිනා සහ හොඳ දේ වෙනුවෙන් ඉඩ වෙන්කරන අවස්ථා සොයාගිය ගමනේ අපට පෝෂ්‍යදායී දේශීය ආහාරවලට සහ සෞඛ්‍ය සම්පන්න හෙටක් වෙනුවෙන් ඉඩ වෙන්කර ඇති වෙළෙඳ සැලක් හමුවිය.
ඒ බත්තරමුල්ල දියත උයනේ සෑම බ්‍රහස්පතින්දා දිනකම පස්වරු 2.00 සිට පැවැත්වෙන ගුඩ් මාර්කට් (Good Market) වෙළෙඳ පොළයි.
සතිපතා පැවැත්වෙන Good Market හි අරමුණ වී ඇත්තේ ශ්‍රී ලාංකීය නිෂ්පාදන ඉස්මතු කර දැක්වීමත්, ශ්‍රී ලාංකීය ප්‍රජාව සෞඛ්යාරක්ෂිත කිරීමත්ය. පරිසර හිතකාමී සෞඛ්යාරක්ෂිත ආහාර හා සේවා පරිසර හිතකාමී නිෂ්පාදනද එහි අන්තර්ගතය.

මුලින් ඉතා සුළුවෙන් ආරම්භ කරන ලද 'Good Market' මේ වනවිට ඉතා සාර්ථක මට්ටමකට පැමිණ ඇති අතර, විවිධ තරාතිරම්වල පුද්ගලයන් මෙම ස්ථානයට පැමිණ එම ද්‍රව්‍ය මිලදීගන්නා ආකාරයද දැකගත හැකි විය.

එහිදී අපට හමු වූ ඔබට නිතර අසන්නට දකින්නට නොලැබෙන වැදගත් දෑ පිළිබඳව විස්තර කිරීමට අදහස් කළෙමු.
-
සුදුලූනු ඖෂධ මිශ්‍රණය
පාරම්පරික ඖෂධ 20 ක එකතුවෙන් සාදා ඇති ආහාර රසකාරකයකි. දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් මෙන්ම භයානක රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමටද සුදුසුය.
කෙටිකෑම සමග ආහාරයට ගැනීමට මෙන්ම ආහාරයට එක්කිරීමටද සුදුසුය. විශේෂයෙන්ම රතු කැකුළු බත් සමග ආහාරයට ගැනීම ශරීරියට සුබදායකය.
-
ගම්මිරිස් සෝස්
දේශීය පාරම්පරික ඖෂධ එකතුවකින් සාදන ලද ආහාරයකි. අතීතයේද ගම්මිරිස් සෝස් ආහාරයට ගෙන තිබුණත්, ක්‍රමයෙන් එය භාවිතයෙන් ඉවත්ව තිබේ.
සර්ප විෂ දුරුකරන, එමෙන්ම ශරීරයට හිතකර ආහාරයකි.
-
සුදුලූනු මිශ්‍රණය
කොලෙස්ටරෝල්, ඇදුම, හතිය, පීනස, සෙම් රෝගීන් සඳහා සුදුසුය. රුධිරය කැටි ගැසීම වළක්වාලයි. උදෑසන හිස් බඩට තේ හැන්දක ප්‍රමාණයක් ගෙන, පසුව මඳ රස්නය සහිත උණුවතුර වීදුරුවක් පානය කිරීම ඉතා යෝග්‍යය. ස්වාභාවිකව සොයාගත් පිරිසුදු මී පැණි සහ පිරිසිදු සුදුලූනු එක්කර සකසා ඇත.
-
සුදුලූනු හා ඉඟුරු මිශ්‍රණය
ආහාර තෙම්පරාදු කිරීමට සුදුසුය. කෘත්‍රිම රසකාරක අඩංගු නොවේ. බොහෝ රෝග නිවාරණයට උපකාරී වේ.
-
ගොරකා ක්‍රීම්
නියම ගොරකා භාවිත කර නවීන පන්නයට ගැළපෙන අයුරින් සකස් කරන ලද ආහාරයකි. පාන් පිටි, සිට්රික් අම්ලය, ඩයි වර්ග අඩංගු නොවේ. ස්වාභාවික කළු ගොරකා භාවිතයෙන් සකසා තිබේ. ගොරකා ක්‍රීම් තේ හැඳි ¼ ප්‍රමාණයක් ව්‍යාංජන ග්‍රෑම් 500කට ප්රමාණවත්ය.
-
උම්බලකඩ සම්බෝල
උම්බලකඩ හා පිරිසුදු පොල්තෙල් භාවිතයෙන් සකසා තිබේ. පාම් තෙල්, ඉස්සන් කැබලි, කූනිස්සන් ආදිය අඩංගු නොවේ. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නොවේ.
නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේ තුළ කොළඹ ප්‍ර‘දේශය ආශ්රිත ව්‍යවසායකයන් එකතුව වෙළෙඳ කුටි පවත්වාගෙන යයි.
ශ්‍රී ලංකාවේ සෑම වෙළෙඳ පොළකම දක්නට නොලැබෙන, රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන, කාබනික පොහොර අඩංගු කර සාදන ලද පලතුරු, එළවළු, සකස් කරන ලද ආහාර, කෙටි ආහාර, අත්කම්, අතින් අඳින ලද චිත්‍ර, ස්වාභාවිකවම ලබාගත හැකි ඖෂධ (ආයුර්වේද) ස්වාභාවිකව ලබාගන්නා රූපලාවන්‍ය ද්‍රව්‍ය, ගෙවතු උපකරණ, අව්වේ වියළන ලද ආහාර සහ ශරීරාංග සම්බාහනයට යොදාගන්නා උපකරණ කිහිපයක්ද අපේ නෙත ගැටිණ.
-
පිටකොන්ද සම්බාහකය
තමාට තනිවම පිටකොන්ද සම්බාහනය කිරීමට හැකිවන අයුරින් මෙය නිර්මාණය කර තිබේ. එමගින් පිටකොන්දේ නීරෝගීභාවයටත්, නිල ආශ්රිත ස්පර්ශයටත් සුදුසු වේ.
-
යටිපතුල පිරිමදිනය
ශරීරයේ සියලුම ස්නායු ස්පර්ශ වන, යටිපතුලේ ක්රියාකාරීත්වයද වැඩි කිරීමට උද්දීපනයක් ලබාදීමට මෙමගින් හැකියාව ලැබේ. එක් පාදයකට හෝ පාද දෙකටම සුදුසු වන අයුරින් සකස් කර තිබේ.
-
ශරීර සම්බාහනය
ශරීරයේ මේදය වැඩි ස්ථාන සම්බාහනයට සුදුසු පරිදි සකසා ඇත. එමගින් ශරීරයේ උද්දීපනය මෙන්ම මේදය ඉවත් කරගැනීමට පහසුවෙන් හැකිවෙයි. අත, කකුල, පිට ප්‍රදේශය ආදියට සුදුසුය. දියවැඩියාව, දණිස් අමාරුව සහිත පුද්ගලයන්ට, එමෙන්ම නහර ගැටගැසුණු ප්‍රදේශ සම්බාහනයට සුදුසුය. තවද දණහිස් සම්බාහන, කොඳුඇට පේළිය, බෙල්ල සම්බාහන උපකරණ, අල්ල සම්බාහනය කරනු ලබන උපකරණය අන්තර්ගත වූ අතර, ඒවායින්ද ඉහත සඳහන් කළ වාසි හිමි වේ.
-
හිස සම්බාහන හා තට්ටු සම්බාහන උපකරණ
මෙම උපකරණය මගින් හිස සම්බාහනය තනිවම සිදුකරගත හැකි අතර, එමගින් හිසේ රුධිර ගමනාගමනය පහසු කරයි. හිසරදය වැනි රෝග නිවාරණයටද පහසු වේ.
ඡායාරෑප - ඒශාන් ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

