වීඩියෝ ගේම් වලට ඔබත් ඇබිබැහි වෙලාද?
තාක්ෂණය අතින් මිනිසා පරිණාමය වනවිට සිතිවිලිවලින්ද මිනිසා එයට සාපේක්ෂව පරිවර්තනය වේ. අද මිනිසාගේ බොහෝ ව්‍යවහාරික ක්‍රියා පහසුවීම මෙන්ම අනෙක් අතින් මානව සම්බන්ධතා කෙමෙන් කෙමෙන් දුරස් වනුයේ එකී තාක්ෂණයේ ප්‍රතිඵලයක් වශයෙනි. එහිදී 'වීඩියෝ ගේම්'වලින් සිදුවන ඇබ්බැහි වීම් මත තරුණ ප්‍රජාව හා ළමුන් අගතියට පත්වීම සුලබ සිද්ධියකි. මෙය ලාංකේය සමාජය තුළ සුලබව සිදුවන්නකි. ස්මාර්ට් ජංගම දුරකථනයක් කුඩා කාලයේම හිමිකරගන්නා ළමුන් මෙයින් බහුල වශයෙන් සිදුකරනුයේ %වීඩියෝ ගේම්ස්^ ක්‍රීඩා කිරීමයි.
ළමුන් පමණක් නොව තරුණ ප්‍රජාව අතරද දැන් මෙය ඉතා ප්‍රචලිතය. නිවසක, බසයක, දුම්රියක හෝ වේවා ඕනෑම ස්ථානයකදී මෙවැනි %විඩීයෝ ගේම්^ ගසනුයේ එයට ඇබ්බැහි වී ඇති ප්‍රමාණය මතයි. ඇතැම් විට මෙමගින් සමාජයට බිහිකරන අනාගත පරම්පරාව ප්‍රචණ්ඩකාරී පරම්පරාවක් විය හැකිය. ඇතැම් විට සමාජයට කිසිදු වැඩක් නොකරන අයෙකු විය හැකිය. මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මනෝවිද්‍යා විශේෂඥ වෛද්‍ය ජයමාල් ද සිල්වා මහතාව %අද^ අපි සම්බන්ධ කර ගත්තෙමු.
මේ ඒ පිළිබදව හෙතෙම දැක් වූ අදහස්ය.
මානසිකරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය - ජයමාල් ද සිල්වා වෛද්‍ය පීඨය ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය
'තරුණ තරුණියන් බොහෝමයක් ළඟ දැන් ස්මාට් ජංගම දුරකථනයක් තිබීම සුලබ දෙයක්. එහෙම නැති තරුණයන්ද නැත්තේම නැහැ. ඔවුන් මේ සඳහා ඇබ්බැහි වීමක් වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් මැදිහත්ව සිටින වෙනත් පුද්ගලයන් ලෙස ඩේටා විකුණන සමාගම්වල සිට දැන්වීම් පළකරන ආයතන මේ සඳහා හඳුනාගන්න පුළුවන්. ඔවුන් මේවා නිර්මාණය කරන්නේ එකක් මිලදී ගත්විට තව තවත් මිලදී ගැනීමට යොමුවන අයුරින්. ඔවුන් මිනිසුන්ගේ මානසික තත්ත්වයන් මැනවින් අධ්‍යයනය කර විද්‍යාත්මක පරීක්ෂණ ගණනාවක් සිදුකර තමයි මෙවැනි පෙළඹීම් කාරක %වීඩියෝ ගේම්^ නිර්මාණය කරන්නේ. ළමුන් මෙන්ම වැඩිහිටියන්ද මෙයින් එකක් මිලදී ගත්විට තවත් එකක් ගැනීමට කැමැත්තක් දැක්වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. 
ඇබ්බැහි වීම මොකක්ද කියලා ගත්තොත් එය නිර්වචනය කරන සාධක කිහිපයක්ම තිබෙනවා. සාමාන්‍ය ජීවිතයේ ඕන දෙයක් භාවිත කළ පමණින් කවුරුත් ඒ සඳහා ඇබ්බැහි වීමක් සිදුවන්නේ නැහැ. ඇල්කොහොල් වැනි මත්ද්‍රව්‍යක් වුණත් භාවිත කරන කෙනෙකු ඇබ්බැහි නොවීමේ ස්වභාවයක් තමයි වැඩිපුරම තිබෙන්නේ. ඇබ්බැහි වෙනවා නම් මෙන්න මේ ලක්ෂණ දැකගන්න පුළුවන් වෙනවා. එකක් තමයි කාර්ය කුමක් වූවත් ජංගම දුරකථන භාවිතය, එහි වීඩියෝ ගේම් කිරීම සහ මත්ද්‍රව්‍ය භාවිත කිරීම ආදී කාරණා කෙරෙහි නිරන්තරයෙන් සිතෙහි ප්‍රබල ගිජු බවක් දැක්වීම. මෙවැනි ලක්ෂණ ඇත්තේ මෙවැනි තත්ත්වයන්ට නිරාවරණය වූ අය ළඟයි. මෙම ගේම් නිෂ්පාදකයන්ගේ ලාභ ලැබීමේ ප්‍රධාන අපේක්ෂාව වන්නේ මේ සඳහා නිරාවරණය වූ අය සඳහා ආශාවක්, ගිජු බවක් ඇති කිරීම. මෙවැනි ගිජු බවක් ඇති වුණාට පස්සේ නිරන්තරයෙන් මෙම ක්රියාවේ යෙදීම දැකගන්න පුළුවන්. ඇබ්බැහි වීම නැති අයට ටික වේලාවක් ගේම්වල නිරත වී එය නතර කර වෙනත් කාර්යයක යෙදීමේ හැකියාවක් තිබෙනවා. නමුත් ඇබ්බැහි වීම තිබෙන කොට එය ආරම්භ කළත් එය නතර කිරීමේ ගැටලුවක් ඇති වෙනවා.
නමුත් මේ පිළිබඳ ගිජු කමක් දක්වන්නන්ට එහි බොහෝ වේලාවක් ගතකරන්නට සිදුවෙනවා. ඒ වගේම ඉතා දීර්ඝ වශයෙන් ගේම්වල නිරතවන්නට සිතෙනවා. ඒවගේම පෙර සතුටු වූ ප්‍රමාණයේ තෘප්තියක් ඇති නොවීම නිසා සතුට සොයා යෑමට ගේම්වල උපරිමයට යන්න පුළුවන්. එහෙම පුරුදු වී අම්මගේ හා තාත්තගේ බලපෑමට හෝ සිතත් සමග එකඟ වෙනවා යම් කාල සීමාවක් පමණක් මෙම ක්‍රීඩාවට සිත යොමු කරන බවට. නමුත් එය සාර්ථක වන්නේ නැහැ. ඔවුන් එය දෛනිකව තෝරාගත් වේලාවක සිදුකර අනෙකුත් කටයුතුවල නිරත වූවත් නිරන්තරයෙන් ඔවුන්ගේ සිත තුළ ක්‍රියාත්මක වන්නේ කොහොමද, ඊළඟ අදියරට යන්නේ. මම ලකුණු කීයක් උපයාගෙන තිබෙනවාද? මගේ යාළුවා ලකුණු කීයක් මේ වනවිට එක්කර තිබෙනවාද යන්න පිළිබඳවයි. මෙවැනි සිතුවිලි රාශියක් ඔවුන්ගේ සිත තුළ දෝලනය ෙවනවා. මෙයින් පැහැදිලි වන්නේ ඔවුන් මෙම විඩීයෝ ගේම්වලින් ශාරීරිකව ඉවත්ව සිටියත් මානසික ක්‍රියාකාරීත්වය තුළ ඒ පිළිබඳ ක්‍රියාත්මක වන බවයි. එමෙන්ම ඔවුන්ට පැනනගින තවත් ගැටලුවක් වන්නේ මෙම ගේම් නොකර සිටින විට කම්මැළිකමක්, අපහසුවක් ඇති වීමයි. ඔවුන්ට වෙනත් දෙයක් සඳහා අවස්ථාව යොමු කිරීමට නොහැකි වෙනවා. මිනිස්සු ඇසුරු කරන්න හිතෙන්නේ නැහැ වගේ ප්‍රශ්නත් මතු වෙනවා. මේ අයුරින් ටික දිනක් යනවිට තමන්ටම තමන්ගේ කාලය, මුදල් මේ සඳහා අපතේ යන බව තේරුම් යනවා. ඒ වගේම නොයෙක් වැඩකටයුතුද මේ නිසා මගහැරී යනවා. විශේෂයෙන් පාසල් ළමුන්ට නම් අධ්‍යාපනික කටයුතු මගහැරී යනවා. මේ සියලුම අපහසුතා තමන්ට තේරුම් ගියත් ඇබ්බැහි වූවන් ඒ ක්‍රියාවේම නිරත වෙනවා. හානිය සහ විනාශය ප්රත්යක්ෂ වී තිබියදීත් මේ කර්තව්‍යයේම දිගින් දිගටම යෙදෙනවා. මේ ඇබ්බැහි වීමේ තවත් දෙයක් වන්නේ, මෙයින් මිදී ටික කාලයක් සිටියත්, යාළුවෙක් හෝ යම් හේතුවක් නිසා එය නැවත ආරම්භ කළොත් කලින් තිබුණ තීව්රතාවටම පෙළඹීම ඇති වීමයි.
විශේෂයෙන් පාසල් ළමුන් වෙනුවෙන් සඳහන් කළ යුතු දෙයක් වන්නේ, මෙම වීඩියෝ ගේම් ක්‍රීඩා කරන වේලාවෙන් පිටදීත් තමන්ගේ මනස තුළ මේවා නිරන්තරයෙන් මතකයට නැගෙනවා නම් ඇබ්බැහි වීම ඔබගේ දැනටමත් ආරම්භ වී ඇති බවයි. මෙම ගේම් ක්‍රීඩා කරන්නේ පැයක පමණ කාලයක් නම් ඉන් පරිබාහිර කාලය තුළ වෙන දෙයක් කිරීමට නොහැකිව මනස තුළ මෙය ක්‍රියාත්මක වෙනවා. මෙම ලක්ෂණයන්ගෙන් එකක් හෝ කිහිපයක් පසුගිය මාසයක් වැනි කාලයක් පුරා තිබෙනවා නම් අපට පැවසිය හැක්කේ, ඔහු හෝ ඇය මේ සඳහා ඇබ්බැහි වී ඇති බවයි. සතියක පමණ කාලයකට පෙර මෙම වීඩියෝ ගේම් ක්‍රීඩා නතර කර දැමූවත් ඔවුන් තුළද තවමත් අප දැක් වූ ඇබ්බැහි වීම් ලක්ෂණ තිබෙනවා නම් ඔවුන් තවමත් ඒ ලක්ෂණවලින් මිදී නොමැති බවට හඳුනාගන්න පුළුවන්. සමාන්‍යයෙන් අවුරුද්දක් වැනි කාල සීමාවක් මෙයින් ඈත්ව සිටියහොත් සම්පූර්ණයෙන් මෙයින් මිදීමේ හැකියාව තිබෙනවා.
වීඩියෝ ගේම්වල තිබෙන එකම ගැටලුව වන්නේ සමාන්‍යයෙන් මානව අන්තර් පුද්ගල සම්බන්ධතාවන් සඳහා ප්‍රබල ලෙස බලපෑම් කිරීම. අන්තර්ජාලය ඔස්සේ හඳුනාගත් යහළුවන් කිහිපදෙනෙක් අතර පමණක් හිතවත්කම් පවත්වමින් මෙම වීඩියෝ ගේම්වල බහුල වශයෙන් නියුතුවීම සමාන්‍ය දෙයක්. සැබැ ජීවිතය තුළ නෑදෑයෙක් හෝ යහළුවෙක් ඇසුරු කිරීමේ උනන්දුවක් මේ නිසා ඔවුන්ට ඇතිවන්නේ නැහැ. යහළුවන් එක්ව එකතුවී ක්‍රිකට් මැච් එකක් හෝ වෙනයම් කය වෙහෙසා කරන සෙල්ලමක් හෝ ක්‍රීඩාවක් කිරීමට කැමැත්තක් ඔවුන් දක්වන්නේත් නැහැ. මේවගේ දෙවල් සුලබව සිදුවෙනවා.
මීළඟට සිදුවන අහිතකර විපාකය තමයි මෙම ගේම් මගින් කිසිදු ශාරීරික ක්‍රියාකාරකමක් සිදුනොවීම. මේ නිසා මොවුන් පැය ගණනක් එකදිගට එකම ඉරියව්වෙන් සිටිනවා. නිදි මැරීමට සිදුවෙනවා. කෝපි වගේ පානයන්ට පුරුදු වෙනවා. මෙම නොයෙක් ක්‍රියා නිසා ස්ථුලතාව ඇති වීම, මානසික විඩාව ඇති වීම වැනි දේ සිදුවෙනවා. ඒවගේම ඇබ්බැහි වීම ආශ්‍රිතව දෙමාපියන් මෙවැනි ගේම් ක්‍රීඩා කිරීම වළක්වා ඇති විට මේ පිළිබඳ විවිධ ගැටුම් නිවසේ අය සමගත් ඇති වෙනවා. ඒ වගේම කාන්සිය, විෂාදය වැනි තත්ත්වයන් ඇති වීමේ අවස්ථාවද මේ තුළ වැඩියි.
ඒවගේම මෙවැනි ගේම් ආශ්‍රිතව අපගේ මනස වෙනස් වීමකට පරිවර්තනය ලක්වෙනවා. මේවා සඳහා මනස යොමුවන විට ඒකාකාරී හිතෛශී අරමුණකට මනස යොමු කර වැඩක් කිරීමේ පුරුද්දක් නැතිව යනවා. නිරන්තරයෙන් වෙනස් වන තිරයක් පිටුපස මෙම ගේම් ක්‍රීඩා සිදුකරන නිසා නිරන්තරයෙන් තම අවධානය වෙනස් වෙනවා. මේ නිසා එක් අරමුණක පිහිටා සිදුකළ යුතු දේවල් මගහැරී යනවා.
මීළඟ ගැටලුව වන්නේ මේ සෑම වීඩියෝ ගේම් එකක්ම නිර්මාණය කරන්නේ කිසියම් ව්‍යාපාර හෙවත් වාණිජ පරමාර්ථයක් ඇතිව. ඇතැමුන් මේවා විකුණා මුදල් හම්බ කරනවා. තවත් සමහරු මේවා නොමිලේ බෙදා හරිනවා. වෙළෙඳ දැන්වීම් මගින් අනිවාර්යයෙන් මෙවැනි ගේම් සඳහා නිරාවරණය වීමක් සිදු වෙනවා. එයින් නිරාවරණය වන කාරණාවන්ද එතරම් සෞඛ්‍ය සම්පන්න කාරණා නොවේ. වෙළෙඳ දැන්වීම් මගින් තරුණයන්ගේ මනසේ අවධානය රැගෙන යෑමට අවශ්‍ය කරන පැණිබීම, ක්ෂණික ආහාර, පීසා වැනි වෛද්‍යවරුන් ශරීරයට අහිතකර බවට ප්‍රකාශ කරන දෑ පිළිබඳ ආකර්ෂණයක් ඇති කරනවා. වීඩියෝ ගේම්වලටත් ඒ දේම සිදු වෙනවා. මෙහි ඊට වඩා භයානක ක්‍රමය තමයි ඉතා සියුම් ලෙසින්, ඇතැම් විට ඒවා දෘශ්‍යමය ආකාරයට එසේත් නොමැතිනම් පාට වර්ණ සංයෝගයක් ලෙසින් හෝ හැඩතල ලෙසින් මෙවැනි කාරණාවන් ළමා මනසට ඇතුළත් කිරීමට මේවා සමත් වීම. ඔවුන් සියුම් අන්දමින් තාක්ෂණය භාවිත කරමින් ළමා මනසට මෙවැනි දේවල් ඇතුළත් කරනවා. ඒවා මගින් එන පණිවිඩ ළමා මනස තුළ තැන්පත් වෙනවා. මෙවැනි ගේම් වර්ග නිෂ්පාදනයේදී බහුල වශයෙන් දැකිය හැකි වන්නේ කලහාකාරී, ආවේගශීලි මෙන්ම එකිෙනකා මරාගෙන ජයග්‍රහණය කරා යන්නා වූ සිද්ධීන්ගෙන් සැදුම්ලත් ඒවායි. තත්‍ය ලෝකය තුළ සිදු නොවුණත් මේවා මනසට නිරාවරණය වන කාල පරාසය තුළ මනසට කෙටි කාලීනව හා දිගු කාලීන බලපෑම් සමහර විට ඇති වීමට ඉඩ තිබෙනවා, විශේෂයෙන් කුඩාම ළමුන්ට(වයස අවුරුදු 8ට අඩු අයට). ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනයකදී මෙවැනි කුඩා ගැහැනු ළමුන් රූපවාහිනියේ සහ කාටූන්වල තිබෙන එවැනි ප්රචණ්ඩ හැසිරීම්, පැය කිහිපයක් යන තෙක් සෙල්ලම් කරන බෝනික්කන්ට දක්වන බව පර්යේෂණ මගින් සනාථ කර තිබෙනවා. දීර්ඝ කාලීනව සමාජයේ බහුතරයක් තරුණ පිරිසක් මේ කාරණා නිසා පරිවර්තනයට ලක්වෙමින් සිටිනවා. ඒ නිසා ඔවුන්ගේ අන්තර් පුද්ගල සම්බන්ධතා සමාන්‍ය පුද්ගලයන් සමග සිදු නොකර සයිබර් අවකාශයේ මුණගැසෙන පුද්ගලයන් සමග පවත්වනවා. මේ අයුරින් සිදු වූ විට තරුණ පරපුර සැබෑ ජීවිතයේ රසවිඳින ප්රවණතාවන් නැති වී යනවා. අන්තර්ජාලය ආශ්රිත වීඩියෝ ගේම් සහ වෙනත් වැඩසටහන් තුළින් එවැනි අහිතකර ප්රතිඵලයන් ඇති වෙනවා. අන්තර්ජාලය අපට භාවිත නොකර සිටින්නට බැහැ. මනෝ විද්‍යාවේ දැන් තිබෙන නිර්දේශය තමයි, අඩුම වශයෙන් අවුරුදු 4ක් හෝ 5ක් යනතෙක් රූපවාහිනිය වැනි දේ භාවිත කිරීමට දීම නුසුදුසු බව. ජංගම දුරකථන, පරිගණක, ටැබ් ආදීය නිවෙස්වල අද සුලබ දෙයක්. එනිසා එවැනි කුඩා වයසක් තුළ රූපවාහිනී තිරයට නිරාවරණය නොකර සිටින ලෙස නිර්දේශ ඉදිරිපත් කළ හැකියි. අද කාලේ බොහෝ දෙමාපියන් තමන්ගේ කාර්ය බහුලත්වයත් සමග පොඩි දරුවා සමග වැඩකරන්න අපහසු වූ විට ජංගම දුරකථනය ලබාදී නළවා තබා ගැනීමට උත්සාහ කරනවා. එය බොහෝ දෙමාපියන් සිදුකරන දෙයක්. ඒ නිසා වාණිජ ව්‍යාපාර හරහා මේ සම්බන්ධයෙන් කරවන බලපෑම අහිතකර ප්‍රතිඵල ඇතිකරන දෙයක් බවට පත්ව තිබෙනවා.
ජංගම දුරකථනය නිරන්තරයෙන් පරිහරණය කිරීම මගින් අපගේ වටිනා කාලය අපතේ යෑමක් සිදුවෙනවා. අපි හිතනවා සයිබර් අවකාශයේ මිතුරන් බොහෝ දෙනෙක් තමන්ට සිටිනවා කියලා. නමුත් ක්‍රියාකාරීත්වයේදී එය මුසාවක්. අපට පෙර පරම්පරාවක ජීවත් වූ අය කරන දේ දැක බලා ඒ දේට යොමු වීම අපේ පුරුද්දක්. එය සමාජ ඉගැනුම් ක්‍රියාවලියක්. ඊට අමතරව මෙහි සමාජ ප්‍රවර්ධන ක්‍රියාවලියක්ද මෙමගින් සිදුවෙනවා. මේ දෙකම භාවිත කරන නිෂ්පාදකයන් මගින් අන්තර්ජාලය හෝ ජංගම දුරකථන සම්බන්ධයෙන් පාර්ශ්විකයන් තව තවත් වැඩි කරගැනීම සඳහා වෙළෙඳ දැන්වීම් නිර්මාණය කරනවා. මේ පිළිබඳ නිසි අවබෝධයෙන් ප්රවෘත්ති දැනගැනීම හෝ අන්තර්ජාලය භාවිත කරන්න පුළුවන්. මෙහි ඇති ගැටලුව වන්නේ ඒවා සීමා කරන කුසලතාවන් හැදෑරීම. මට කිනම් අවස්ථාවන්හිද බලපෑම් එන්නේ යන්න දැනගැනීම ඉතා වැදගත්. තාක්ෂණික උපාංග භාවිතය ඉතා වටිනා දෙයක්. නමුත් ඒවායේ හානිය අඩු කර ගැනීම සඳහා අවබෝධයක් ලබාගැනීම අනිවාර්යයෙන් කළ යුතු දෙයක්. මෙය සමබර කරන්න යනවිට ඇතිවන ගැටලුව වන්නේ උදාහරණයක් වශයෙන් ඉෙගනුම් දෙයක් පොතක් කියවා ග්‍රහණය කරගන්නවාට වඩා තත්පර 30න් වෙළෙඳ දැන්වීමක් ඔස්සේ මොළයේ තැන්පත් වන ප්‍රමාණය ඉහළ අගයක් ගැනීමයි. දැනුවත්භාවය තිබෙන අයට පවා මෙය පාලනයක් කරගත යුත්තේ මේ නිසයි. මීට අවුරුදු 10ට ප්‍රථම ළමුන්ට ස්මාර්ට් ජංගම දුරකථන තිබුණේ නැහැ. දැන් හැම දරුවෙක්ටම වගේ ස්මාර්ට් ජංගම දුරකථනයක් අතේ තිබෙනවා. ඒගොල්ලන්ගේ මනස වෙනස්වීම එතනින්ම පටන් අරන් ඉවරයි. තනියම ජංගම දුරකථනයක් භාවිත කරන්නේ අපි සිතන ලෙසින් අවුරුදු 16දී නම්, ඔහුට එයින් විද්‍යුත් පණිවිඩ වැනි දෙවල් යවන්න අවශ්‍යතාවක් නැහැ. නමුත් ඔවුන්ගේ මනසට වැදුණු යම් යම් දේවල් තිබෙනවා. ඔහු වැඩිවියට පත්වන්නේ ඒ බලපෑම් මත මනසේ ඇදී ඇති දේවල් සොයා ගෙන යන්න. කුඩා ළමුන්ගේ සම්පූර්ණ වගකීම වැඩිහිටියන් මතයි රැඳී තිබෙන්නේ. වැඩිහිටියන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී අප සැමගේම වගකීමක් තිබෙනවා ළමුන්ට වන බලපෑම පාලනය කිරීමට සහ අපට වන බලපෑම සමස්ත සමාජය ව්‍යසනකාරී දෙයකට යොමු නොකර පාලනය කිරීමට.
විශේෂයෙන්ම ස්මාර්ට් ජංගම දුරකථන භාවිතයෙන් පුද්ගල සම්බන්ධතා කෙමෙන් කෙමෙන් දුරස් ෙවනවා. ඒ නිසා සමාජය තුළ නොයෙක් ව්‍යසනකාරී තත්ත්වයන් ඇතිවන නිසා එහි බලපෑමක් ලෙස විවිධ රෝගී තත්ත්වයන්ට ගොදුරුවීමේ සම්භාවිතාවක් තිබෙනවා.
වීඩියෝ ගේම් වැනි දේ නිසා ළමා හා තරුණ පරපුර මෙන්ම රටක් වශයෙන්ද අප විශාල පිරිහීමකට පත්වීම නුදුරේදීම සිදුවනු නොවනුමානයි. ඇතැම් විට මිනිස් ජීවිතය හානි කරන තත්ත්වයකට පවා පත්වන්නේ එහි අගතියටම ගිය විටයි. එනිසා වීඩියෝ ගේම්වලට ඇබ්බැහි වීම මගින් තම දරුවා මෙන්ම අනාගත තරුණ ප්‍රජාව බේරා ගැනීම සඳහා මෙය හොඳින් හඳුනා දරුවා එයින් මුදවා ගැනීමට සෑම දෙමාපියෙක්ම අවධානය යොමු කළ යුතුයි. තාක්ෂණය භාවිතය අපට කිසිසේත්ම නවතාලිය නොහැකියි. එය අනිවාර්යයෙන් සිදුවිය යුත්තක්. නමුත් කළ යුතු වන්නේ දරුවන්ට නව තාක්ෂණය නිවැරදි භාවිතයේ කුසලතා ප්‍රගුණ කිරීමට අවශ්‍ය ක්‍රමවත් යාන්ත්‍රණයක් සකස් කිරීමයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




